JavaScript seems to be disabled in your browser. For the best experience on our site, be sure to turn on Javascript in your browser.
දැනට නව දැනුම්දීම් නොමැත
රංජිත් ධර්මකීර්ති
"සතුටු කුමාරයා" යනු ඉංග්‍රීසි ජාතික ලේඛක ඔස්කා වයිල්ඩ් විසින් රචිත ලෝක ප්‍රකට, විශිෂ්ටතම ළමා කතාවක් වූ "The Happy Prince" නමැති කෘතියේ අනුවර්තනයකි.
ඉංග්‍රීසි භාෂාවෙන් නම් ශේක්ස්පියර් විසින් වැඩිහිටි රසිකයන් වෙනුවෙන් රචිත විශිෂ්ට නාට්‍ය පවා ළමා වියේ දී ම දැන හඳුනා ගැනීමටත්, රසවිඳීමටත් හැකි වන සේ ලැම්බ් වැනි ලේඛකයන් විසින් ළමා කතා ලෙස රචනා කරනු ලැබ ඇත. එ බැවින් ළමා වියේ සිට ම ශේක්ස්පියර් ගේ "හැම්ලට්" කතාව පවා පාසල් ළමෝ දනිති.
සිංහල භාෂාවට තරමක් ආගන්තුක වූ මෙම සංකල්පය අනුව අප ගේ ළමා සාහිත්‍යය වඩාත් පෝෂණය කිරීමේ අරමුණ ඇති ව රාජ්‍ය සම්මානලාභී ලේඛක රංජිත් ධර්මකීර්ති විසින් හොඳ පොත් කියවීමට ඇල්මක් දක්වන අපේ ළමා පරපුර සඳහා - විශේෂයෙන් ම, 4 වැනි ශ්‍රේණිය හා ඉන් ඉහළ ළමුන් අරමුණු කොටගෙන - අනුවර්තිත කෘතියකි, "සතුටු කුමාරයා."
මෙම අනුවර්තනයේ දී ඔස්කා වයිල්ඩ් ගේ මුල් කෘතියේ රසය නො බිඳ, එ ලෙසින් ම පරිවර්තනය කොට ඇති අතර ඇතැම් නො ගැළපෙන වැකි අත්හැරීම හා අලුතෙන් වැකි කීපයක් එකතු කිරීම පමණක් සිදු කොට ඇති බැවින් මුල් කෘතියේ රසය ළමා පාඨකයාට එ ලෙසින් ම විඳ ගැනීමට හැකි වනු ඇත.
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
විචාරයක් ලිවීමට පිවිසෙන්න