Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / සතුටු කුමාරයා

සතුටු කුමාරයා

ප්‍රකාශක (Publisher): සඛිල ප්‍රකාශන - Sakhila Prakashana
ප්‍රවර්ග (Genre): ළමා සාහිත්‍යය
About this book

"සතුටු කුමාරයා" යනු ඉංග්‍රීසි ජාතික ලේඛක ඔස්කා වයිල්ඩ් විසින් රචිත ලෝක ප්‍රකට, විශිෂ්ටතම ළමා කතාවක් වූ "The Happy Prince" නමැති කෘතියේ අනුවර්තනයකි.

ඉංග්‍රීසි භාෂාවෙන් නම් ශේක්ස්පියර් විසින් වැඩිහිටි රසිකයන් වෙනුවෙන් රචිත විශිෂ්ට නාට්‍ය පවා ළමා වියේ දී ම දැන හඳුනා ගැනීමටත්, රසවිඳීමටත් හැකි වන සේ ලැම්බ් වැනි ලේඛකයන් විසින් ළමා කතා ලෙස රචනා කරනු ලැබ ඇත. එ බැවින් ළමා වියේ සිට ම ශේක්ස්පියර් ගේ "හැම්ලට්" කතාව පවා පාසල් ළමෝ දනිති.

සිංහල භාෂාවට තරමක් ආගන්තුක වූ මෙම සංකල්පය අනුව අප ගේ ළමා සාහිත්‍යය වඩාත් පෝෂණය කිරීමේ අරමුණ ඇති ව රාජ්‍ය සම්මානලාභී ලේඛක රංජිත් ධර්මකීර්ති විසින් හොඳ පොත් කියවීමට ඇල්මක් දක්වන අපේ ළමා පරපුර සඳහා - විශේෂයෙන් ම, 4 වැනි ශ්‍රේණිය හා ඉන් ඉහළ ළමුන් අරමුණු කොටගෙන - අනුවර්තිත කෘතියකි, "සතුටු කුමාරයා."

මෙම අනුවර්තනයේ දී ඔස්කා වයිල්ඩ් ගේ මුල් කෘතියේ රසය නො බිඳ, එ ලෙසින් ම පරිවර්තනය කොට ඇති අතර ඇතැම් නො ගැළපෙන වැකි අත්හැරීම හා අලුතෙන් වැකි කීපයක් එකතු කිරීම පමණක් සිදු කොට ඇති බැවින් මුල් කෘතියේ රසය ළමා පාඨකයාට එ ලෙසින් ම විඳ ගැනීමට හැකි වනු ඇත.

ISBN
9789551300258
පිටු ගණන (Pages)
16
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සතුටු කුමාරයා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.