සරණ සොයමින
ගම්බද මහා පරිමාණ රබර් වත්තක සේවය කරන රූමත් තරුණ ප්‍රදාක වන සඳලතාගේ ජීවන අන්දරය මෙම නවකතාවට පාදක වේ. එම ගමේ ම ප්‍රභූ පවුලකට අයත් රූමත් දියණියක වන අපර්ණා මැණිකේ, සංගීතයට හා රංගනයට නැඹුරුව වී ඉන් විශාල කීර්තියක් ලබයි. එවන් කාන්තාවක ලෙස ඈ මුහුණ දුන් යම් සිද්ධියක් නිසා ඇය ද දිවි කතරේ අතරමං වේ. ඉඩම් හිමියකු වන ගොඩකන්දේ රාළහාමිගේ බාල පුත් දර්ශන, ඉගෙනීම නවතා පියාගේ ව්‍යාපාරවලට අත ගසා, ඉන් නොනැවතී දේශපාලනයට පිවිසෙයි. ඔහු ඉක්මනින් ම යාන වාහන, ගේ දොර ඇතැළු සියලු සම්පත් ලබා ධන කුවේරයෙක් වේ.
වතු අධිකාරිවරයකු ලෙස සේවය කොට විශ්‍රාම ලබන වෙලන්ගල්ලේ අප්පෝ සැහැල්ලුවෙන් ජීවත් වෙයි. ඔහුගේ පුත් දිනේෂ්, විශ්ව විද්‍යාලයට ගොස් උපාධිය ලබා බැංකුවක ප්‍රධානියකු වන නමුත් දේශපාලන ඇඟිලි ගැසීම් හා නූගත් දේශපාලකයන්ගේ බලපෑම් නිසා රට දිනෙන් දින ප්‍රපාතයට යන සැටි දැක රට ගැන කලකිරී විදේශ ගත වෙයි. මෙම නවකතාවේ එන සියලු චරිතයෝ මෙරට මුල් බැස ගත් සමාජ ආකල්ප, සංස්කෘතිය හා සාරධර්ම පද්ධතියට හසු වී දිවි සරණ සොයන්නෝ නොවෙත් ද?
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.