පසු නොබසිමි
2019 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනාගත් මෙම යොවුන් නවකතාව, එම වසරේ රජත පුස්තක සම්මාන උළෙලේ අවසාන වටයට ද තේරුණි. මෙම කතුවරයා ලියූ යොවුන් සාහිත්‍ය කෘති පහ අතුරින් හතරක් ම රාජ්‍ය සම්මාන දිනා තිබීම විශේෂත්වයකි. "යොවන - වැඩිහිටි" සාහිත්‍ය කියවන වයස් කාණ්ඩයට අයත් පාඨකයන් ගේ මනස, යථාර්ථ ලෝකයට යොමු කරමින් චිත්ත ශක්තිය, උට්ඨාන වීර්යය වඩවන තේමාවක් මෙම යොවුන් නවකතාවට පාදක වෙයි.
ඇඹිලිපිටියට නුදුරු ගොවි ජනපදයක පදිංචියට ආ හේන් ගොවියකු ගේ පුතකු වන සාලියට ගමේ පාසලේ දී මානවහිතවාදී ගුරුවරයකු හා ගමේ පන්සලේ උගත් හිමි නමක හමු වෙයි. එම සත්පුරුෂයන් ගේ මග පෙන්වීම යටතේ පොතපත කියවමින්, ධෛර්යයෙන් යුතුව වැඩ කිරීමෙන් ජයග්‍රහණ සාක්ෂාත් කර ගන්නා සාලියගේ චරිතය පාඨකයා හමුවට පත්කරන්නේ 'මානිවත්ත අභික්කම' යන බුදුවදන ද සිහියට නගමිනි. සරල, රසවත් කතා පුවතක් කියවීමට ඉඩ සලසන කතුවරයා, යොවුන් මෙන් ම වැඩිහිටි පාඨකයන් තුළ ද චමත්කාරය දනවන නිර්මාණයක් ඉදිරිපත් කරයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.