Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / සෝමපුරයේ නිදන් හොරු

සෝමපුරයේ නිදන් හොරු

ප්‍රවර්ග (Genre): ළමා සාහිත්‍යය
About this book

භාතිය, තිස්ස හා ක්‍රිෂ්ණා කොළඹ ප්‍රධාන පෙළේ විදුහල්වල උසස් පෙළ විභාග හදාරණ සිසුවෝ වෙති. මොවුන්ට පුවත්පතක පළ වූ ගවේෂණාත්මක ලිපියක් කියවන්නට ලැබේ. විනෝදය පිණිස එම ලිපිය ලියූ පුද්ගලයා හමුවීමට දෙමාපියන්ගේ ද අවසරය ඇතිව ඔවුහු ත්‍රිකුණාමලයට යති. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔවුහු වන්දනා මෙන් ම පුරාවිද්‍යා ගවේෂණාත්මක වීර චාරිකාවක් සඳහා සෝමාවතිය බලා යති.

වන්දනාමාන කිරීමෙන් පසුදා ඔවුන් තිදෙනා පුරාවිද්‍යා ගවේෂණය සඳහා අලුයම් කාලයේ දී තම නවාතැනින් පිටත්ව යති. එ නමුදු ඔවුන් තිදෙනා ම මහ වන මැද මැණික් ගරණ සොරමුලකට කොටු වෙති. ගැලවීමක් නොවූයෙන් ඔවුහු සොර දෙටුවන්ගේ සිරකරුවන් බවට පත් වී දුක සේ මැණික් හාරමින් කල් ගෙවති. මෙම යොවුන් නවකතාවට පාදක වන්නේ මෙම තරුණයන් තිදෙනා අතිවිඳි අත්දැකීම් හා නුවණ භාවිතකොට ඔවුන් ගැල වී ආ අන්දම යි.

ISBN
9789551300791
පිටු ගණන (Pages)
56
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සෝමපුරයේ නිදන් හොරු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.