සඳ ඇති රැයක්
'සඳ ඇති රැයක්' මගේ අටවැනි කෙටිකතා සංග්‍රහය යි. මා මීට පෙර ලියූ කෙටිකතා සංග්‍රහ සියල්ල ම පාඨක පාඨික විචාරක ප්‍රසාදයට ලක් විය. මෙම ග්‍රන්ථය ද එසේ ම වනු ඇතැයි හුදක් විශ්වාස කරමි.
වර්තමාන පාඨකයෝ සිංහල නවකතාවට වඩා කෙටිකතා කියවීමට නැඹුරුවන බව අලෙවි වාර්තා අනුව පෙනී යයි. මෙය හොඳ ප්‍රවණතාවකැයි මම සිතමි. මන්දයත්, කාර්ය බහුල ජීවිතයක් ගත කරන අධ්‍යතන පාඨකයෝ එකවර ම කියවා පූර්ණ රසාස්වාදයක් ලැබිය හැකි කෙටිකතා කියවීමට පෙලඹීම නිසා ය. ෂැරත් චන්ද්‍ර චැටර්ජී, ගී ද මෝපසාන්ට් හා ඇන්ටන් චෙකොෆ් වැනි කෙටිකතා කරුවන්ගේ විශිෂ්ට කෙටිකතාවල හොඳ සිංහල පරිවර්තන කියවීම නිසා පාඨකයන්ගේ රසඥතාව ද වර්ධනය වී තිබේ. මේ නිසා වර්තමානයේ කෙටිකතා කියවන පාඨක සංඛ්‍යාව වර්ධනය වී ඇත.
'සඳ ඇති රැයක්' යන මගේ නවතම කෙටිකතා සංග්‍රහය මම පාඨක ඔබට පිරි නමන්නේ එම ප්‍රමිතිය රඳවා ගැනීමට මා ගත් බලවත් පරිශ්‍රමය සාර්ථක වී ඇතැයි යන පූර්ණ විශ්වාසයෙන් යුතුව ය.
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.