Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

සෙංකොට්ටං

මහින්ද ප්‍රසාද් මස්ඉඹුල

තවම සමාලෝචන නැත
🌐 Sinhala 📚 1 ප්‍රකාශන In Stock

මුද්‍රණ සහ ප්‍රකාශන 1

Customer Reviews 8
  1. ජිවිතේ කියවූ බොහොම සංවේගී කතාවක්.
    මෙය සන්ථව ප්‍රකාශන Santhawa Prakashana ප්‍රකාශනය පිළිබඳ විචාරයකි
    සෙංකොට්ටං

    ජිවිතේ කියවූ බොහොම සංවේගී කතාවක්. කියවා වසර කීපයක් උවත් තාමත් තදින්ම මතකේ රැදුන කථාවක් .
    Indika ·
  2. ඒ අපූරු වූ සුවඳේ කතාන්දරය
    මෙය සන්ථව ප්‍රකාශන Santhawa Prakashana ප්‍රකාශනය පිළිබඳ විචාරයකි
    මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහතාගේ ' සෙංකොට්ටං' මතකය නමැති පිරිසිඳු රෙදි කඩෙහි අඳින ලද සෙංකොට්ටං ලකුණක් වැන්න.....
    saumya ·
  3. ඒ අපූරු වූ සුව‍‍ඳේ කතාන්දරය
    මෙය සන්ථව ප්‍රකාශන Santhawa Prakashana ප්‍රකාශනය පිළිබඳ විචාරයකි
    මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහතාගේ 'සෙංකොට්ටන්' පැහැදිලිවම මතකය නමැති පිරිසිදු රෙදි කඩෙහි ඇඳි සෙංකොට්ටන් ලකුණක් වැන්න.....
    Saumya ·
  4. සෙංකොට්ටං |
    මෙය සන්ථව ප්‍රකාශන Santhawa Prakashana ප්‍රකාශනය පිළිබඳ විචාරයකි
    පොත කියවගෙන යද්දි පොඩිනට බැදෙන්නෙ ඇගේ කියවෙන ලස්සන නිසාම විතරක් නිමි ඈ සතු සියුම් ආඩම්බරකම සහ වගකීම් සහගතව කටයුතු කිරීම වැනි හේතුත් ඊට සෘජුවම බලපානවා | කොහොම වුණත් පොත කියවලා ඉවර වෙද්දි ඇය අහිමි වූ දුකට නෙතු අගට කදුලක් ඉණුවොත් එය පුදුමයක් නොවෙයි | ජීවිතයට සහනයක් ගෙන එනවුන් ලෙස පෙනෙනවුන් තුල අසහනයත් ආදරය ලෙස වෙස්ගෙන ඔවුන් විනාශයත් රැගෙන ආ හැකිය | සෑම විටම හදවතට වඩා බුද්ධියට ඉඩ දීමෙන් මර උගුල් වලින් ගැලවිය හැකියි | ක්ෂණයකින් හමු වී ක්ෂණයකින් ඇවිලෙන තැන හුදෙක් රාගයට එහා ගිය ප්‍රේමයක් නැත | ක්ෂණික තීරණයක අතුරුඵලය මුළු ජීවිත කාලය පුරාවටම පෑරි පෑරි විදවන සුව නොවන තුවාලයක් වූ කල පසුතැවී ඵලක් නැත | ඝන කැලෑවක ගල් සයනයක වැතිර වන මුර්ගයකුගෙන් කෙලෙසී ඌ අතින්ම නිරුවතින්ම මියැදෙන්නට වූ පොඩිනාටත් නොමැරී මැරි මැරී වන සතෙකුගේ හිරකාරියක සේ ජීවත් වන්නට වූ ඇගේ නැගණිය වූ හීං රිදීටත් අත් වූ ඉරණම් වල ඇත්තේ සමාන ළකුණකි | සමාන ළකුණ නම් සැණෙකින් මතු වූ හැගීම් වලට එසැණින්ම වහල් වීමයි එසැණින්ම ඇවිලීමයි | එහි අවසාන ප්‍රතිඵලය එම ඇවිලීමෙන්ම ඔවුන් පිළිස්සී යාමයි | කෙසේ වෙතත් ඉරණම යනු නලලේ කොටාගෙන එන්නක් සේ සිතීමම පරාජයකි උරුමයට වහල් වී ඊට අනුගත වීම වහල් බවකි ඉන් මිදීමට සටන් කිරීමම ජයග්‍රහණයකි | ඉරණමට වහල් වෙනවා වෙනුවට ඉරණම නිර්මාණය කරගැනීමට වෙහෙසිය යුතුය | සමාජය සමසමය එය අසමසම වන්නේ අප විසින් ලද දෙයින් සතුටු වන තැනට පත් වූ විටය | මේ කතාවේ වීරයා අන් කවරෙකු වත් නොවේ දෛවයට උරුමයට ඉරණමට එරෙහිව සටන් කල ලුවිස් හේනයා හෙවත් පොඩි තිස්ස මහත්තයා බව කිව යුතුමය | කතාවේ දෙතුන් තැනක පමණක් ඔහු ගැන සදහන් කළද රදා පවුලේ පහත් උරුමය දෝතින්ම බදා භාරගත් සියල්ලෝම ජීවිතයෙන් පරාජය වූ පසුබිමක රදා කුලයට උරුමයට පයින් ගසා තම ඉරණම තමා විසින්ම ලියා ගැනීමට සටන් කල ඔහු ජීවිතය ජයගතේය | ඉතිං ජීවිතය කියන්නෙම ඔහේ හුදකලාවේ කාලය සමග ගෙවී ඉදිරියට යන්නක් නොවන බවත් අනාගතය විසින් ඉදිරියට අදිද්දී අතීතිය විසින් වැරෙන් තල්ලු කරමින් ඊට ශක්තිය සපයන්නක් වන බවත් හොදින් වටහා ගත යුතුය .

    නවකතාව | සෙංකොට්ටං |
    කතෘ | මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහතා

    සටහන | Isuru Nilakshana | ( ඒ අපූරු සුවද දැනේවී පරෙස්සමට මුල ඉදලා අගටම කියවගෙන යන්න )
    Isuru Nilakshana ·
  5. අති විශිෂ්ඨ නිර්මාණයක්..
    මෙය සන්ථව ප්‍රකාශන Santhawa Prakashana ප්‍රකාශනය පිළිබඳ විචාරයකි
    ඒ සුවද ඔබත් විදිය යුතුමයි…. පොත කියවා අතින් බිම තැබුවත් හිතින් බිම තැබීමට කොතෙක් උත්සාහ කලත් නොහැකි වේවි සත්තයි….
    කල්පි ·
  6. ★★★★★ විශිෂ්ට නිර්මාණයක්
    මෙය සන්ථව ප්‍රකාශන Santhawa Prakashana ප්‍රකාශනය පිළිබඳ විචාරයකි
    සොබාදහමත් එක්ක ගැටුනු සුන්දර කටුක ජීවිතය ගැන ලියවිලා තියෙන්නේ හරි සුන්දර විදියට.කාමුක හැගීම කොතෙක් යටපත් කරගන්නට පොඩීනා උත්සහ දැරුවත් අනගිහාමි නැවත දුටු තැන ගල්තලාව මත සිදු වෙච්ච හැමදෙයක්ම නැවත ඇයට මතක් උනා....දෙදෙනාගේම පෙරැත්ත නැවත හමුවීමටයි.
    "හරියටම තව සුමානෙකින් අද වාගේ දාක උදේ වරුවක වරෙං ගල්තලාව ගාවට...තනියම..."
    imeth ·
  7. ★★★★★ සිංහල සාහිත්‍යයේ තවත් එක් විශිෂ්ඨතම නිර්මාණයක්
    මෙය සන්ථව ප්‍රකාශන Santhawa Prakashana ප්‍රකාශනය පිළිබඳ විචාරයකි
    "ආයෙමත් අර සුවඳ දැනෙනවා.... රෙදි සෝඩා කලවම් වෙච්චි තම්බපු රෙදි සුවඳ. ඒ සුවඳ මට හැමදාක ම දැනේවි. ඔවු... ඉදිරියටත් මිය යන්න කලිං ගන්න අන්තිම හුස්මෙනුත් ඒ සුවඳ මට දැනෙයි."
    Nethini රාක්කයේ ඇත ·
  8. 1
    මෙය සන්ථව ප්‍රකාශන Santhawa Prakashana ප්‍රකාශනය පිළිබඳ විචාරයකි
    Yes
    Mangala ·

මෙම කෘතිය ගැන ලියන්න