JavaScript seems to be disabled in your browser. For the best experience on our site, be sure to turn on Javascript in your browser.
දැනට නව දැනුම්දීම් නොමැත
කපිල ගාමිණි ජයසිංහ
සිවිල් නඩුවල පියවර එකින් එක විස්තර කරමින් ඒවාට අදාළ විශේෂිත ඉහළ අධිකරණවල නඩු තීන්දු හා ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන අන්තර්ගත කෙරුණු ග්‍රන්ථයක අවශ්‍යතාව ප්‍රත්‍යන්ත ප්‍රදේශවල නීතිඥවරුන් සහ නීති සිසුන් විසින් කතුවරයාගෙන් කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස මේ ග්‍රන්ථය පළවේ. මෙහි සිවිල් නඩුවක පැමිණිල්ල, උත්තරය හා ප්‍රතිඋත්තරය දක්වා වන මූලික පියවර ගෙනහැර දක්වන අතර ප්‍රායෝගිකව මතුවන ගැටලු සම්බන්ධව ද අවධානය යොමු කෙරේ. 2017 අංක 08 දරන සිවිල් නඩු විධාන සංග්‍රහ සංශෝධන පනත සම්පූර්ණයෙන්ම අන්තර්ගත මෙම ග්‍රන්ථයෙහි, ඊට අදාළ ආකෘතිද 2020 ජනවාරි මස දක්වා යාවත්කාලීන කරන ලද විනිශ්චිත නඩු තීන්දු ඇතුළත් ඉංග්‍රීසි බසින් එක උපග්‍රන්ථයක්ද ඇතුළත් වේ.
මේ නිසා මෙම ග්‍රන්ථය නීතිඥවරුන්ට, නීති සිසුන්ට මෙන්ම නීතිය පිළිබඳ උනන්දුවක් දක්වන සාමාන්‍ය පාඨකයන්ටද එකසේ ප්‍රයෝජනවත් වේ. මෙම ග්‍රන්ථයේ කතුවරයා වන නීතිඥ කපිල ගාමිණී ජයසිංහ මීට පෙර සිංහලයෙන් නීති ග්‍රන්ථ 40 ක් ලියා පළ කර ඇති අතර ඔහු, ප්‍රයෝගිකව සිවිල් අධිකරණ වල නීතිඥ ධුරයේ කටයුතු කරන නීතිවේදියෙකි. එසේම ඔහු JMC (ජයසේකර කළමනාකරණ මධ්‍යස්ථානයේ) වාණිජ නීතිය පිළිබඳ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙසද සේවය කරයි.
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
විචාරයක් ලිවීමට පිවිසෙන්න