Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අධ්‍යාපනික / සිවිල් නඩුවල පියවර 1 - පැමිණිල්ල සහ ප්‍රතිඋත්තරය

සිවිල් නඩුවල පියවර 1 - පැමිණිල්ල සහ ප්‍රතිඋත්තරය

About this book

සිවිල් නඩුවල පියවර එකින් එක විස්තර කරමින් ඒවාට අදාළ විශේෂිත ඉහළ අධිකරණවල නඩු තීන්දු හා ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන අන්තර්ගත කෙරුණු ග්‍රන්ථයක අවශ්‍යතාව ප්‍රත්‍යන්ත ප්‍රදේශවල නීතිඥවරුන් සහ නීති සිසුන් විසින් කතුවරයාගෙන් කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස මේ ග්‍රන්ථය පළවේ. මෙහි සිවිල් නඩුවක පැමිණිල්ල, උත්තරය හා ප්‍රතිඋත්තරය දක්වා වන මූලික පියවර ගෙනහැර දක්වන අතර ප්‍රායෝගිකව මතුවන ගැටලු සම්බන්ධව ද අවධානය යොමු කෙරේ. 2017 අංක 08 දරන සිවිල් නඩු විධාන සංග්‍රහ සංශෝධන පනත සම්පූර්ණයෙන්ම අන්තර්ගත මෙම ග්‍රන්ථයෙහි, ඊට අදාළ ආකෘතිද 2020 ජනවාරි මස දක්වා යාවත්කාලීන කරන ලද විනිශ්චිත නඩු තීන්දු ඇතුළත් ඉංග්‍රීසි බසින් එක උපග්‍රන්ථයක්ද ඇතුළත් වේ.

මේ නිසා මෙම ග්‍රන්ථය නීතිඥවරුන්ට, නීති සිසුන්ට මෙන්ම නීතිය පිළිබඳ උනන්දුවක් දක්වන සාමාන්‍ය පාඨකයන්ටද එකසේ ප්‍රයෝජනවත් වේ. මෙම ග්‍රන්ථයේ කතුවරයා වන නීතිඥ කපිල ගාමිණී ජයසිංහ මීට පෙර සිංහලයෙන් නීති ග්‍රන්ථ 40 ක් ලියා පළ කර ඇති අතර ඔහු, ප්‍රයෝගිකව සිවිල් අධිකරණ වල නීතිඥ ධුරයේ කටයුතු කරන නීතිවේදියෙකි. එසේම ඔහු JMC (ජයසේකර කළමනාකරණ මධ්‍යස්ථානයේ) වාණිජ නීතිය පිළිබඳ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙසද සේවය කරයි.

ISBN
9789553118677
පිටු ගණන (Pages)
204
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සිවිල් නඩුවල පියවර 1 - පැමිණිල්ල සහ ප්‍රතිඋත්තරය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.