Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / තනියාමය

තනියාමය

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

තනියාමය

කපිල ගාමිණී ජයසිංහ

"මම තිරයේ සිදුරින් දෑස ඉවතට ගෙන ජාලරයක් අසල වූ මිටි බංකුවකින් වාඩි ගත්තා. නාට්‍යයේ පෙළ මතක්කර දෙන්නා හෙවත් කටේ ගුරා කුඩා ටෝච් එකකුත් රැගෙන තම කාරියට සූදානම්. වේදිකාවේත් ශාලාවේත් විදුලි පහන් එකින් එක නිවීගියා. සිහින් සරින් සංගීත නාදය පැතිර ගියා. මම දෑස පියාගෙන හිත එකඟ කරගන්න උත්සාහ ගත්තා.

විශාල ඉටිපන්දම් රැගත් ගායක කණ්ඩායමේ අපි සෙමින් සෙමින් ප්‍රේක්‍ෂකා ගාරය මැදින් වේදිකාව දෙසට ඇවිදගෙන එද්දී සංගීත නාදය උච්ඡ ස්වරයකින් වාදනය වුණා. මද අදුරේ ඉටිපන්දම් එළියෙන් පමණක් ආලෝකමත් වුනු රංග භූමිය නිසා අමුතු ගැඹුරු හැඟීමක් නාට්‍යයේ රගන අපට ඇතිවුනානම් ප්‍රේක්‍ෂකයන්ට කෙබඳු හැඟීමක් ඇතිවන්නට ඇත්දැයි මට එක මොහොතකට සිතුණා."

වර්ෂ 1999 දී ස්වකීය පළමු නවකතාව වූ "කුරු පරපුර" තුලින් සිංහල නවකතාවේ පරිකල්පනාත්මක ප්‍රබන්ධ කතා රීතියේ වෙනසක් ඇතිකළ, නීතිඥ කපිල ගාමිණී ජයසිංහගේ නවතම නවකතාව "තනියාමය" යි. ප්‍රේමය මිනිසෙකුගේ නැගීමට සහ වැටීමට බලපාන ආකාරය පිළිබඳව කථකයාගේ දෘෂ්ඨි කෝණයෙන් ලියැවුණු මෙම ප්‍රබන්ධය වේදිකා නාට්‍ය කලාවේ නියැළි බොහෝ තරුණයන්ගේ අත්දැකීම් ද සියුම්ව ස්පර්ශ කරයි. මීට පෙර 1995 වර්ෂයේදී පළවූ කාලීන "කෝසල සිහිනයක්" සහ 1997 දී පළවූ "කදෝපැණිවත" යන මෙම කතුවරයාගේ කෙටිකතා සංග්‍රහ දෙකෙහි අන්තර්ගත කෙටිකතා 15 න් 10 කටම ජාතික මට්ටමේ විවිධ සම්මාන හිමිවී ඇත. "සිහින දුර්ගය" (2000), "නිහැඬියාවේ ගීතය" (2002), "කලුවර තොටුපල" (2002), යන නවකතාද, සිංහලයෙන් වන නීති ග්‍රන්ථ 25 ක් ද, ලියා පලකර ඇති මෙම ග්‍රන්ථයේ කතුවරයා 1990 දී යෞවන සම්මාන දිනූ "පිළිරූ", 1992 දී "මීදුම" 1993 යෞවන සම්මාන දිනූ "ගිම්හානය" 1995 අන්තර් විශ්ව විද්‍යාල නාට්‍ය තරගයේ හොඳම නිෂ්පාදනය වූ "අඳුරට පෙර" සහ 1996 අන්තර් විශ්ව විද්‍යාල නාට්‍ය තරගයේ හොඳම නිෂ්පාදනය දෙවන ස්ථානය දිනූ "ආගන්තුකයා" යන නාට්‍ය ද නිර්මාණය කර ඇත.

Details
ISBN
9789556862621
පිටු ගණන (Pages)
142
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
More by this author
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: තනියාමය

Reviews are published once a member of our team has read them.