කළුවර ‌තොටුපළ

Special Price රු. 405.00 Regular Price රු. 450.00
In stock
SKU
kaluwara-thotupala-kapila-gamini-eugene-izzi-dayawansha

Eugene Izzi

SAFE HARBOR

කළුවර තොටුපළ

කපිල ගාමිණී ජයසිංහ

ඇමරිකාවේ චිකාගෝ නුවර පාතාල ලෝකය පසුබිම් කරගෙන Eugene izzi නම් වූ ලේඛකයා විසින් රචනා කරන ලද Safe Harbor නවකතාව ඇසුරින් නීතිඥ කපිල ගාමිණී ජයසිංහ විසින් රචනා කරන ලද 'කළුවර තොටුපළ' මුල්වරට පළ වූයේ වර්ෂ 1999 අගෝස්තු මාසයේදීය. මේ එහි දෙවැනි මුද්‍රණයයි. මෙහි එන ඇතැම් සිදුවීම් ශ්‍රී ලාංකීය දාමරික සමාජයේ ඇතැම් සිදුවීම් හා කොතෙක් දුරට සමපාත වන්නේද යන්න මෙය කියවන පාඨකයාට නිතැතින්ම සිහියට නැගෙනු ඇත. මුල් කෘතියේ සාරය නොනසා සරල සිංහලයෙන් නාටකීය අවස්ථා විචිත්‍රවත් ලෙස විග්‍රහ කෙරෙන 'කළුවර තොටුපළ' කපිලගේ ප්‍රබන්ධ කතා සාහිත්‍යයේ එක් කඩඉමකි. මීට පෙර 'කුරු පරපුර' (1999), 'සිහින දුර්ගය' (2000), 'තනියාමය' (2015), 'හිර වරපට' (2017) යන නවකතාද 'කාලීන කෝසල සිහිනයක්' (1995) 'කදෝපැණිවත' (1997) සහ 'රොබෝ මිනිසුන්ගේ අවුරුද්ද' (2017) යන කෙටිකතා සංග්‍රහයන්ද, 'නිහැඬියාවේ ගීතය' (2002) නමැති පරිවර්තන නවකතාවද, 'අඳුරට පෙර සහ තවත් කෙටිනාට්‍ය' (2015) යන නාට්‍ය එකතුවද ලියා පළ කළ නීතිඥ කපිල ගාමිණී ජයසිංහ එකී කෙටිකතා සංග්‍රහවල අන්තර්ගත කෙටිකතා 15 න් 10 ක් සඳහාම ජාතික මට්ටමේ විවිධ සාහිත්‍ය සම්මාන ලබා ඇත.

Author කපිල ගාමිණි ජයසිංහ - Kapila Gamini Jayasinghe (17)
Publisher දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (609)
More Information
ISBN 9789556863925
පිටු ගණන 232
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:කළුවර ‌තොටුපළ
Back to Top