කළුවර තොටුපළ
Eugene Izzi
SAFE HARBOR
කළුවර තොටුපළ
කපිල ගාමිණී ජයසිංහ
ඇමරිකාවේ චිකාගෝ නුවර පාතාල ලෝකය පසුබිම් කරගෙන Eugene izzi නම් වූ ලේඛකයා විසින් රචනා කරන ලද Safe Harbor නවකතාව ඇසුරින් නීතිඥ කපිල ගාමිණී ජයසිංහ විසින් රචනා කරන ලද 'කළුවර තොටුපළ' මුල්වරට පළ වූයේ වර්ෂ 1999 අගෝස්තු මාසයේදීය. මේ එහි දෙවැනි මුද්‍රණයයි. මෙහි එන ඇතැම් සිදුවීම් ශ්‍රී ලාංකීය දාමරික සමාජයේ ඇතැම් සිදුවීම් හා කොතෙක් දුරට සමපාත වන්නේද යන්න මෙය කියවන පාඨකයාට නිතැතින්ම සිහියට නැගෙනු ඇත. මුල් කෘතියේ සාරය නොනසා සරල සිංහලයෙන් නාටකීය අවස්ථා විචිත්‍රවත් ලෙස විග්‍රහ කෙරෙන 'කළුවර තොටුපළ' කපිලගේ ප්‍රබන්ධ කතා සාහිත්‍යයේ එක් කඩඉමකි. මීට පෙර 'කුරු පරපුර' (1999), 'සිහින දුර්ගය' (2000), 'තනියාමය' (2015), 'හිර වරපට' (2017) යන නවකතාද 'කාලීන කෝසල සිහිනයක්' (1995) 'කදෝපැණිවත' (1997) සහ 'රොබෝ මිනිසුන්ගේ අවුරුද්ද' (2017) යන කෙටිකතා සංග්‍රහයන්ද, 'නිහැඬියාවේ ගීතය' (2002) නමැති පරිවර්තන නවකතාවද, 'අඳුරට පෙර සහ තවත් කෙටිනාට්‍ය' (2015) යන නාට්‍ය එකතුවද ලියා පළ කළ නීතිඥ කපිල ගාමිණී ජයසිංහ එකී කෙටිකතා සංග්‍රහවල අන්තර්ගත කෙටිකතා 15 න් 10 ක් සඳහාම ජාතික මට්ටමේ විවිධ සාහිත්‍ය සම්මාන ලබා ඇත.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.