JavaScript seems to be disabled in your browser. For the best experience on our site, be sure to turn on Javascript in your browser.
දැනට නව දැනුම්දීම් නොමැත
නිලන්ත කුමාර ධනසේකර
අප දකින, අසන, කියන, කරන සියලුම ශාස්ත්‍රීය කලාත්මක හා සන්නිවේදන කාර්යයන්හිදී සරස්වතී දෙවි නැමදුම චිරාත් කාලයක සිට අපට උරුම වූ අපගේ සංස්කෘතිකාංගයක් බවට පත්ව ඇත. විශේෂයෙන් ග්‍රන්ථකරණය, නාට්‍ය, චිත්‍රපට, නර්තන, සංගීත, මාධ්‍ය මෙන් ම ළදරුවන්ට අකුරු කියවීම සහ වෙනත් විවිධ ශාස්ත්‍රීය කටයුතු ආරම්භයේදී සරසවි දෙවි නැමදුමෙන් පටන් ගැනීමෙන් අතිමහත් ප්‍රයෝජන ලැබෙන බව බොහෝ දෙනා අත්දැකීමෙන් ම දනිති.
එසේ වුවද එවැනි කාර්යයන්හිදී සරස්වතී දේව වන්දනාව නියමිත ක්‍රමවේදයන්ට අනුගත වෙමින් සහ නිසි පරිදි සිදු කිරීමෙන් තොරව විශිෂ්ට ප්‍රතිඵල ලබා ගැනීම උගහටය. නිලන්ත කුමාර ධනසේකර මහතා මෙම ග්‍රන්ථයෙන් ඉස්මතු කර පෙන්වන්නේ, අවාට ගියාට නොව විධිමත්ව හා නියමිත පිළිවෙත් වලට අනුව සරස්වතී වන්දනාව තුළින් මහානුභාව සම්පන්න ප්‍රතිඵල ලබා ගත හැකි බවයි. එමෙන් ම පරම්පරාවෙන් පරම්පරාවට පැවත එන එවැනි වන්දනා ක්‍රම සහ පුද පූජා රාශියක් මෙම ග්‍රන්ථයට ඇතුළත් කරමින් මෙවන් පුද පූජා පවත්වන ජනතාවට නිවැරදි මඟපෙන්වීමක් සිදු කිරීම වෙනුවෙන් ඒ මහතා ගෙන ඇති උත්සාහය බෙහෙවින් අගය කරමු.
ජී. අමරසේකරවිශ්රාම ලත් විදුහල්පති
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
විචාරයක් ලිවීමට පිවිසෙන්න