Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / ශ්‍රී සරස්වතී දේව පූජාව

ශ්‍රී සරස්වතී දේව පූජාව

ප්‍රකාශක (Publisher): උදය ප්‍රකාශන - Udaya Publishers
ප්‍රවර්ග (Genre): බුදුදහම සහ ආගම
About this book

අප දකින, අසන, කියන, කරන සියලුම ශාස්ත්‍රීය කලාත්මක හා සන්නිවේදන කාර්යයන්හිදී සරස්වතී දෙවි නැමදුම චිරාත් කාලයක සිට අපට උරුම වූ අපගේ සංස්කෘතිකාංගයක් බවට පත්ව ඇත. විශේෂයෙන් ග්‍රන්ථකරණය, නාට්‍ය, චිත්‍රපට, නර්තන, සංගීත, මාධ්‍ය මෙන් ම ළදරුවන්ට අකුරු කියවීම සහ වෙනත් විවිධ ශාස්ත්‍රීය කටයුතු ආරම්භයේදී සරසවි දෙවි නැමදුමෙන් පටන් ගැනීමෙන් අතිමහත් ප්‍රයෝජන ලැබෙන බව බොහෝ දෙනා අත්දැකීමෙන් ම දනිති.

එසේ වුවද එවැනි කාර්යයන්හිදී සරස්වතී දේව වන්දනාව නියමිත ක්‍රමවේදයන්ට අනුගත වෙමින් සහ නිසි පරිදි සිදු කිරීමෙන් තොරව විශිෂ්ට ප්‍රතිඵල ලබා ගැනීම උගහටය. නිලන්ත කුමාර ධනසේකර මහතා මෙම ග්‍රන්ථයෙන් ඉස්මතු කර පෙන්වන්නේ, අවාට ගියාට නොව විධිමත්ව හා නියමිත පිළිවෙත් වලට අනුව සරස්වතී වන්දනාව තුළින් මහානුභාව සම්පන්න ප්‍රතිඵල ලබා ගත හැකි බවයි. එමෙන් ම පරම්පරාවෙන් පරම්පරාවට පැවත එන එවැනි වන්දනා ක්‍රම සහ පුද පූජා රාශියක් මෙම ග්‍රන්ථයට ඇතුළත් කරමින් මෙවන් පුද පූජා පවත්වන ජනතාවට නිවැරදි මඟපෙන්වීමක් සිදු කිරීම වෙනුවෙන් ඒ මහතා ගෙන ඇති උත්සාහය බෙහෙවින් අගය කරමු.

ජී. අමරසේකර
විශ්‍රාම ලත් විදුහල්පති

ISBN
9789557761756
පිටු ගණන (Pages)
56
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ශ්‍රී සරස්වතී දේව පූජාව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.