JavaScript seems to be disabled in your browser. For the best experience on our site, be sure to turn on Javascript in your browser.
දැනට නව දැනුම්දීම් නොමැත
ගාමිණී වියන්ගොඩ · Carlose Ruiz Zafon
බාර්සිලෝනා නුවර, 1945- දෙවැනි ලෝක යුද්ධයෙන් සහ ඊට කලින් සිවිල් යුද්ධයෙන් ඇති වූ මහා විනාශයෙන් ගොඩඑමින් සිටින නගරයක්.
මවගේ අකල් මරණයෙන් කම්පාවට පත්ව සිටින දනියෙල්, පියාගෙන් තෑග්ගට ලැබෙන එක්තරා ගුප්ත නවකතාවක් කියවීමෙන් පසු එහි කතුවරයා සොයා යාමේ කුතුහලයෙන් මැඩෙයි. ඒ ගමනේදී ඔහුට හමුවන්නේ, බාර්සිලෝනා නුවර වැළලී ගිය මහා අභිරහසකි. එම අභිරහස තුළින්, ඝාතනය සහ උන්මාදය සමඟ මිශ්‍ර වූ අසම්මත ආදරයක මහා කතාවක් දිගහැරෙයි.
කාර්ලෝස් රුයීස් සෆොන්, ස්පාඤ්ඤ ජාතික නවකතාකරුවෙකි. 1964 දී බාර්සිලෝනා නුවර උපන් ඔහු 1994 සිට මියයන තෙක් ජීවත් වුණේ ඇමරිකා එක්සත් ජනපදයේ ය. නවකතා 6 ක් ලියා ඇති ඔහු නවකතාකරුවෙකු වශයෙන් ජාත්‍යන්තර කීර්තියට පත්කරවන මෙම නවකතාව සම්මාන ගණනාවක් දිනා ඇති අතර, මේ වන විට භාෂා 30 කට පරිවර්තනය වී ඇත්තේ, රටවල් 40 ක පාඨක සහ විචාරක ප්‍රශංසාවට ලක්වෙමිනි.
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
විචාරයක් ලිවීමට පිවිසෙන්න