Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

සුන්දර යාල වනයට පිවිසුණෙමු

එඩ්මන්ඩ් විල්සන් මීපගේ

තවම සමාලෝචන නැත
🌐 Sinhala 📚 1 ප්‍රකාශන In Stock

එඩ්මන්ඩ් විල්සන් කතුවරයා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රැකියාවට බැඳුණේ 1968 වසරේදීය. පුරා වසර හතළිහක් (40) සේවය කොට, 2008 රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගන්නා අවධිය වනවිට ඔහු නියෝජ්‍ය අධ්‍යක්ෂ වරයකු විය. ලංකාවේ ඔහු සේවය නොකළ ජාතික වනෝද්‍යානයක්, අභයභූමියක් නැත.

රජය මගින් ලබා දෙන ලද ශිෂ්‍යත්වයක් මත විධිමත් දෑ අවුරුදු (1982-1984) වනජීවී කළමනාකරණ පාඨමාලාවක් හැදෑරීම සඳහා ඔහු නැගෙනහිර අප්‍රිකාවේ වනජීවී කළමනාකරණ විද්‍යාලයට (East African College of Wildlife Management - Tanzania) පිවිසියේය. ඔහු ඉතා සාර්ථකව එය නිම කළේ Best Academic ත්‍යාගය දිනා ගනිමිනි. ඉන්දියානු හා නේපාල ජාතික උද්‍යානවල ඔහු සැරිසැරුවේ රජයේ අනුග්‍රහයෙනි. දකුණු අප්‍රිකාවේදී ඔහු අලි විදුලි වැට ඉදිකිරීම හැදෑරුවා පමණක් නොව අප රටේ නිලධාරීන් ද පුහුණු කළේය. කෘති පල කරමින් ඔහුගේ දැනුම වත්මන් දරු දැරියන් හට බෙදාදීම මිල කළ නොහැකි සේවාවකි.

මුද්‍රණ සහ ප්‍රකාශන 1

Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

මෙම කෘතිය ගැන ලියන්න