සුන්දර යාල වනයට පිවිසුණෙමු
එඩ්මන්ඩ් විල්සන් කතුවරයා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රැකියාවට බැඳුණේ 1968 වසරේදීය. පුරා වසර හතළිහක් (40) සේවය කොට, 2008 රාජ්ය සේවයෙන් විශ්රාම ගන්නා අවධිය වනවිට ඔහු නියෝජ්ය අධ්යක්ෂ වරයකු විය. ලංකාවේ ඔහු සේවය නොකළ ජාතික වනෝද්යානයක්, අභයභූමියක් නැත.
රජය මගින් ලබා දෙන ලද ශිෂ්යත්වයක් මත විධිමත් දෑ අවුරුදු (1982-1984) වනජීවී කළමනාකරණ පාඨමාලාවක් හැදෑරීම සඳහා ඔහු නැගෙනහිර අප්රිකාවේ වනජීවී කළමනාකරණ විද්යාලයට (East African College of Wildlife Management - Tanzania) පිවිසියේය. ඔහු ඉතා සාර්ථකව එය නිම කළේ Best Academic ත්යාගය දිනා ගනිමිනි. ඉන්දියානු හා නේපාල ජාතික උද්යානවල ඔහු සැරිසැරුවේ රජයේ අනුග්රහයෙනි. දකුණු අප්රිකාවේදී ඔහු අලි විදුලි වැට ඉදිකිරීම හැදෑරුවා පමණක් නොව අප රටේ නිලධාරීන් ද පුහුණු කළේය. කෘති පල කරමින් ඔහුගේ දැනුම වත්මන් දරු දැරියන් හට බෙදාදීම මිල කළ නොහැකි සේවාවකි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.