Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

සුවදායී මරණයක්

සිරිසේන රත්නායක · Dalai Lama

තවම සමාලෝචන නැත
🌐 Sinhala Out of Stock

මෙම කෘතියේ මුද්‍රණයක් දැනට අලෙවියේ නොමැත.

Customer Reviews 1
  1. මරණය ගැන දැනුවත්ව සිටීම අතිශය වැදගත් කාරණයක් වෙයි. ජීවිතය යනු දිගු කාලයක් නොපවත්නා ඕනෑම වෙලාවක අවසන් විය හැකි ධර්මතාවක් බවට මනා සිහි කල්පනාවෙන් යුතුව දැන සිටීම ඔබේ වාසියට හේතු වෙයි. ජීවිතය අර්ථවත් කට ගැනීමට නම්, මහලු විය හා මරණය යන දෙකම ජීවිතයේ වැදගත් කොට
    මනුෂ්‍ය ජීවිතය, ඒ මේ අතට නූල් ඇද, වියා නිම කල පට පිළියක් වැන්නකි - බුදුන් වහන්සේ ..

    මරණයට හේතු වන කාරණා රාශියක් මධ්‍යයේ පවත්නා ඔබේ ජීවිතය සැඩ සුළඟට හසු වූ පහනක් බදු වෙයි - බුදුන් වහන්සේ ..

    ඔබ කරන අයහපත් ක්‍රියාවන්ට අයහපත් ප්‍රතිඵල ඔබට විදින්නට සිදු වන බවට ඔබ දැනුවත්ම සිටිය යුතුය. ඒ දැනුවත්හාවය මත ඔබ අයහපත් ක්‍රියාවන්ගෙන් වැළකී සිටිය යුතුය.

    සියල්ලක්ම අත්හැර යා යුතු බව නොදැන සහචරයන් මෙන්ම සතුරන්ද පිනවීම සදහා ඈත භවයන්හිදී බොහෝ අකුසල කර්ම කළෙමි - බුදුන් වහන්සේ ..

    අනිසි වැඩ පිටු දකින - යහ වැඩට සිත යොමන
    සාරවත් දිවියකට - පදනමක් ගොඩනැගුම
    සිදුවුනොත් ඔබ අතින් - දිනුම ඔබ සතුවේය
    සුවපහසු මරණයක් - නිසැකවම පැමිණේය

    යහපත් හෝ අයහපත් කර්මයක් කල විට එහි ශක්තිය විනාශයට පත් නොවී, ඒ හවයේදී හෝ ඉදිරි හව වලදී විපාක දෙනු ඇත. ඔබේ සිත හික්මවා ගැනීමට අපොහොසත් වුවහොත් ඔබ වැටෙන්නේ බරපතළ දුෂ්කර තත්වයකටය. ඔබට යන්නට වෙන්නේ ප්‍රේත ආත්මයකටය.

    ඔබේ සිත යහපත් නම්, කාරුණික නම්, ඔබ ආශ්‍රය කරන පවුලේ අයට, ඔබේ සහකරුට හෝ සහකාරියට, දෙමාපියන්ට, දරුවන්ට, එමෙන්ම පවුලෙන් බැහැර අනිත් නෑ හිතමිතුරන්ට ඔබ ප්‍රසන්න වෙයි. ඔබේ නිවස ප්‍රසන්න වෙයි. ඔබේ නිවසට පැමිණෙන ඕනෙම කෙනෙකුට සතුටක් දැනෙයි. එහෙත් ඔබේ සිත දමනය වී නොමැති නම්, ඔබට නිතර නිතර තරහ යන්නේ නම්, ඔබේ වචන කර්කෂ නම්, ඔබට ඉවසීමක් නොමැති නම්, ඔබ ආශ්‍රය කරන සියලු දෙනාටම ඔබ අප්‍රිය වෙයි. අප්‍රසන්න වෙයි. ඔබේ නිවසද අප්‍රසන්න ස්ථානයක් වෙයි.

    ඔබ මරණයට පත් වන බවට ඔබට වැටහීමක් ඇති විට, ඔබ අතින් පරපණ නැසීම්, හිoසා කිරීම්, සොරකම් කිරීම්, කාමයෙහි වරදවා හැසිරීම්, බොරු කීම්, හිස් වචන කීම්, මත් ද්‍රව්‍ය හා වින කිරීම් ආදියෙන් නිසැකවම වැළකෙනු ඇත. මේවා කිරීමෙන් වැළකී සිටීමෙන් ඔබේ ඉදිරි භවය සුවදායක වනු ඇත. ඔබේ මරණයට මුහුණ දීම සම්බධයෙන් අවoකව කටයුතු කරන්න.

    මිය යමින් සිටින තැනැත්තෙක් අසලදී, ඇඩීම් හා වැළපීම් නොකල යුතුය. අතක් මෘදුව අල්ලා ගෙන සිටීම, දෙපා ඇල්ලීම හෝ මුහුණ සිඹීම, ඇඩීම් හා වැළපීම් වලටත් වඩා අයෝග්‍ය හැසිරීමක් වෙයි.
    Dulanjala රාක්කයේ ඇත ·

මෙම කෘතිය ගැන ලියන්න