කෙහෙල් කොටුවේ චූටි මහත්තයා 01 - ඇස්බැන්දුම
අද මෙන් නොව, එදා පෘථිවිය අතිශයින් විශාල වස්තුවක් වූ අතර, එය හිරු වටා නිස්කලංකව භ්‍රමණය විය. ගත වන කාලය ගැන වද නොවුනු අපි හිරු කිරණ දිගේ පෘථිවිය තරණය කළෙමු.
ප්‍රවීණ චිත්‍ර ශිල්පියෙක් ඇන්දා වැනි පෘථිවිය මතුපිට සිතුවම දිනපතා අලංකාර කරන දැල් වියන මකුළුවෝ, ගස් දිගේ පල්ලම් බහින දළඹුවෝ, මල් ගස් අතර වේගයෙන් වංගු නමන බත් කූරෝ සහ තවත් මිලියනයක් අලංකරණ ශිල්පීහු, අප ට එදිනෙදා හමුවන සාමාන්‍ය පුරවැසියෝ වූහ.
දෙමාපියෝ, නෑදෑයෝ, වැඩිහිටියෝ සහ ගුරුවරු අපට නිරන්තරයෙන් මේ මතුපිට සිතුවමෙහි තමන් දුටු අත්දැකීම් අවබෝධ කරවීමට උත්සහ කළෝ ය. නමුත් සිදුවන අත්වැරදි ගැන වදනොවුණු අපි තවමත් පෘථිවි තලයේ ඔවුන්ට හමු නොවුනු නැවුම් වර්ණ සොයා කාලය හරහා දිගටම ගමන් ගත්තෙමු.
අද වන විට පෘථිවිය බොහෝ සෙයින් කුඩා වී ඇති අතර, අපගේ ඉන්ද්‍රීය සංවේදීතාවය දෙවෙනි වන තරමට එහි භ්‍රමනය වේගවත් වී ඇත. එහෙත් කලකට ඉහත දී, ඔවුන් හා අප සෑබෑවටම මුහුණ දුන් සිදුවීම් විසින් සිතෙහි සිතුවම් කළ ඒ භාවාතීශය සුන්දර වූ ළමා කාලය නැමැති සිතුවමට එයින් කිසිදු හානියක් වුයේ නැත.
මේ එකළ, ලෝකය නිස්කලංකව තිබූ යුගයේ සිය ළමා කාලය ගෙවා දැමීමට වාසනාව ලද ෂර්වුඩයේ රොබින් හෙවත් කෙහෙල් කොටුවේ චූටි මහත්තයාගේ දොම්නස, සොම්නස අතරෙහි ඇති තවත් ගිණිය නොහැකි හැඟීම් නැමැති පැහැයෙන් රූබර වූ සිය ළමා කාලය නම් සිතුවමෙහි පලින් පල වූ විචිත්‍ර වර්ණ කිහිපයෙන් එකකි.
ෂර්වුඩයේ රොබින් හෙවත් කෙහෙල් කොටුවේ චූටි මහත්තයා
- මේ අපේ කතාව!
-
තෑගි දෙන සාස්තරේ!චූටි මහත්තයගෙ උත්පත්ති කතාව, කුමාරත් එක්ක බයිසිකලේට හුලං ගහපු හැටි, මාලනී ටීචර් කියාදුන්න විදියටම රාජකාරී ලියුම ලියපු හැටි වගේ කතා සයිබර් යායෙන් කියවල තියෙන්නෙ එක සැරයක් විතරක් නෙමෙයි. අලුතෙන් පැන්සලක් ගත්තම වේලාසනම කාලා ඉවර කරන මක්කෙයි ඒක හයි කරලා තියෙන රත්තරන් පාට කෑල්ලයි, රචනාවක් ලියන්න ගත්තම හත් අට සැරයක් හැදෙන වතුර තිබහයි වගේ දේවල් චිත්‍රපටියක රූපරාමු වගේ අපේ මතකයට ගේන්න චූටිමහත්තයාගේ අකුරු වගේම චිත්‍ර ත් සමත් වෙනවා.
මිතුරුකම්, හිතවත්කම්, අහිංසකකම්, චණ්ඩිකම් කැටිවුණු චූටි චූටි රසබර සිදුවීම් අතරෙ හැංගිලා තියෙන ලොකුම ලොකු පාඩම් ගොඩක් මේ කතා ඇතුලෙ තියෙනවා. පොඩි ළමයින්ට වගේම ලොකු ළමයින්ටත් ලොකුම ලොකු ළමයින්ටත් කියවලා රස විඳිය හැකි පොතක් කියලා බය නැතුව කියන්න පුළුවන්.
බඩ අල්ලං හිනහ වෙවී ඩෙනිස්ගෙ කතා කියවලා තියෙන දූල පුතාලට නැන්දල මාමලට මට මේ පොත ගැන ලේසියෙන් ම පැහැදිලි කරලා දෙන්න පුළුවන්. චූටි මහත්තය කියන්නෙ ඩෙනිස්ටත් වඩා වැඩ්ඩෙක්!
චූටි මහත්තයගෙ පොතේ පිටු පෙරලෙන්න පෙරලෙන්න ඔබේ මතක පොතෙත් පිටු පෙරලේවි. හිනහ ඒවි කඳුළු පනිනකන්ම. පස්සෙ දුක හිතිලත් කඳුළු පනීවි. -
පිවිතුරු ළමා විය එළීය කරන්නට"කෙහෙල් කොටුවේ චූටි මහත්තයා" කතාව බ්ලොග් එකේ ලිපියක් දාපු ගමන් අපි කියෙව්වා. ඒ කාලෙදි ම්මත් කමෙන්ටුවක් දැම්ම වගේ මතකයි මේක පොතක් ගහල විකුණන්න කියල.
ළමයින්ව සිහින ලොවකට ගෙන යා හැකි කතා මාලාවක්. අනිවාර්යයෙන්ම රෙකමදෝරු කළ යුතු පොතක්.
සුභ පැතුම්!!! -
පොත ගැන වචනයක්.මා බුද්ධි හඳුනාගන්නේ බ්ලොග් ගරහා ය. මා කියවන බ්ලොග් අතර “කෙහෙල්කොටුවේ චූටි මහත්තා“ගේ කතන්දර සහිත බ්ලොගය විශේෂ වෙයි.
ඔහුගේ භෘෂා රටාව අතිශය අපූරු ය. බොහෝ කෙටි සිද්ධි පවා ඉතා දිග ය. නමුත් ඒ කෙටි වදන ලියන්නට ඔහු භාවිතා කරන උපමා උපමේයයන් නිසාවෙන් එය දිගු බවක් නොදැනී අපට මහත් ආශ්වාදජනක ලෙස සමීප කරවයි.
එමෙන් ම ඔහුගේ චිත්‍ර ද අපූරු ය. ඔහුට ම ආවේණික ශෛලියකින් චිත්‍ර අඳියි. ඒවා සරල ය. නමුත් පුදුමාකාර ලෙසින් පණ සහිත ය.
ඒ මා දන්නා බුද්ධි ප්‍රසාද් ඔහුගේ බ්ලොගයෙන් උපුටා ගත් කොටස් පොත් වශයෙන් පළ කරන වග ඇසූ මොහොතේ මම මහත්සේ සතුටු ව ඔහුට සුබ පැතුවෙමි.
බුද්ධි මේ පොතේ ලියන සර්කස් කාරයා මට ද ජීවිතයේ අවස්ථා ගණනාවක දී ම හමු ව තිබේ. නමුත් ඔහු මෙතරම් මට සමීප වූයේ මේ පොත කියවූවාට පසුව ය.
බුද්ධිගේ ඉතිරි බ්ලොග් සටහන් ද මෙසේ පොත් වශයෙන් එළි දක්වනු රිසියෙමි. ඊට දෛර්යය ශක්තිය ලැබේවා යි ඉති සිතින් සුබ පතමි. -
ළමා කාලයට නැවත ගියෙමි.බ්ලොග් එක හරහා අපිව ළමා කාලයට එක්ක ගිය චූටි මහත්තයා මෙලෙසින් පොත් ලෙස ආව එක නම් ලොකු දෙයක්. මෙහි භාෂා විලාශය සිත් ඇදගන්නා සුලුයි. ඉතින් කම්මැලි කමක් නැතුව කියවන්න පුලුවන්. ලස්සනම සිතුවම් වලින් පිරිලා තියන නිසා පොඩි ළමයින් ආසාවෙන් කියවාවි. ළමයින්ට තෑගි දෙන්න පුලුවන් පොතක් ලෙස මේක නිර්දේශ කරන්න පුලුවන්...
-
සයිබරයෙන් එලියටIT කට්ටියට වැඩිය මේ චූටිමහත්තයව අඳුරගන්න වටින්නේ පුංචි උන්ට, ඇත්තටම දරුවට Tab එකක සයිබර්යාය open කරල post කියවන්න දෙන්න පුලුවන් කීයෙන් කීදෙනාටද? එහෙව් රටේ සයිබර් යාය කඩදාසියක ගහල මෙහෙම දුන්න එකම වටින්නෙ නැද්ද?
- Page Previous
- Page 1
- You're currently reading page 2