Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අළුපාට හැන්දෑව - සුජාතා අලහකෝන්

අළුපාට හැන්දෑව - සුජාතා අලහකෝන්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"පුතේ...” මහල්ලා මුණුපුරාගේ මුහුණ දෙස හෙළුවේ බර බැල්මකි. "දරුවන්ගෙ පුංචි ම පුංචි දෙයක් වුනත් දෙමව්පියන්ට කවදාවත් අමතක වෙන්නෙ නෑ. හැම දෙයක් ම හරියට මංජුසාවක තැන්පත් වෙනව වගේ හිත පතුළෙ ම රැඳිල තියෙනවා. ඕන ම වෙලාවක ගංවතුරක් ගලනව වගේ ඕසෙට කියාගෙන යන්න පුළුවන්.”

මහල්ලා හෙමිහිට කොලුවාගේ අත අතගාමින් කීවේ පුදුමාකාර වූ ළබැඳි හඬකිනි. ඒ හඬ තුළ ආදරය කරුණාව දයාව මුසු වූ මෘදු බව ජයන්ට අදහාගත නොහැකි තරම් විය.

"සීයෙ එතකොට දරුවො හිත රිදෙන දෙයක් කළොත් ඒවත් මතක තියාගෙන ඉන්නවද? මහල්ලාට සිනාවක් ගියේ ඉබේම ය. කොල්ලා නරක ම නැත. දරුවො තමන්ට වැරදි දෙයක් කළත් දෙමව්පියො කවදාවත් දරුවො එක්ක තරහ වෙන්නෙ වෛර බැඳ ගන්නෙ නෑ පුතේ. මේ ලෝකෙ තියෙන උතුම් ම බැඳීම තමයි ඒක. දරුවන්ට දෙමව්පියො හැමදාමත් සමාව දෙනවා."

මහල්ලා එය නම් කීවේ තෙත බරිත හඬකිනි. තමාගේ හිත රිදුණු සියලුම දේට දරුවන්ට සමාව දී අවසන් ය. දැන් කළ යුතුව ඇත්තේ හුරුපුරුදු මාවත් දිගේ තනිවම පිය නැගීම පමණකි.

ISBN
9789553136350
පිටු ගණන (Pages)
142
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අළුපාට හැන්දෑව - සුජාතා අලහකෝන්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.