අසිරිමත් පුරිසදම්මසාරථි ගුණයෙන් බබළන මුනිඳාණෝ
ආලවකට වේලායුදය නම් බලවත් ආයුදයක් තිබුණා. එයින් ගැසූ විට මහාමේරු පර්වතය පවා සුන් වෙනවා. අන්තිමට මේ ආයුදයෙන් බුදුරජාණන් වහන්සේට පහර දුන්නා. ඒ ආයුදය පාපිස්සක් සේ බුදුරජාණන් වහන්සේගේ සිරිපා ළඟ තැන්පත් වුණා. ආලවක තවත් කලබල වුණා. එවර ඔහුට සිතුණා මෙතරම් දේ කළත් මේ ශ්‍රමණයාගේ කිසි වෙනසක් නැහැ නෙ. කිසි ම කම්පාවක් ද නැහැ. මේ ශ්‍රමණයන් වහන්සේ සිටින්නේ හොඳ ඉවසීමෙන්. කළ කිසිවකින් ජයක් නො ලැබූ ආලවක උන් වහන්සේ කෝපයට පත් කරන්නට සිතුවා. නින්දා අපහාස වන වචනවලින්,
“මහණ, වහාම මෙතැනින් පිට වෙනු” කීය.
මෙතන දී මුදු ලෙස කතා කිරීමෙන් යකුගේ තද කෝපය අඩු කළ හැකි බව සිතූ බුදුරජාණන් වහන්සේ,
“යහපති පින්වත"යි කියා බුදුරජාණන් වහන්සේ ගෙයින් පිට වූ සේක.
දඬුමුගුරු අවි ආයුදවලින් තොරව දරුණු ආලවක යක්ෂයා ධර්මයෙන් ම දමනය කළ අපේ බුදුරජාණන් වහන්සේ පුරිසදම්මසාරථී ගුණයෙන් බබළන සේක.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.