මුද්‍රණ සහ ප්‍රකාශන 1
Customer Reviews 40
-
සුපිරි පොතක්මෙය කර්තෘ ප්‍රකාශන - Self Published ප්‍රකාශනය පිළිබඳ විචාරයකිකෘතිය _ බාලාංසේ
කතුවරයා _ Tharu Rajapaksha
මිල _ 850
පිටු - 140
????????අවධානයට -: පොදු ස්තානවල දී , ( පිරිසක් සමග සිටින විට ) මේ පොත කියවීමෙන් වළකින්න ???? .
කතුවරයාගෙ ගම් පළාත වූ යටංවල ආශ්‍රිත ව කුඩා කාලයේ සිදු කළ බාලාංස වැඩ පිළිබද සවිස්තරාතමක විග්‍රහයක් හාස්‍ය මුසුකොට ලියා ඇත. අනූව දශකයෙ අයටනං නැවත ඒ සුන්දර ළමා කාලය මතකයට නැගෙනු ඇත.
වර්තමාන ගෝලීයකරණයට හසු වූ දරුවන්ට නම් ඊර්ශයා සිතෙනු ඇත.
ඇත්තටම ඒ කාලේ දුෂ්කරයි කියලා අත හැර දැමු ඒ කාලය ජීවීතේ සුන්දර ම කාලය යැයි සිතෙනු ඇත.
"ඉතිං ඒ චිමිනි ලාම්පු එළියෙන් තමයි අපි පාඩම් කරන්නෙ... ( ඇඩෙන්න ඕනී මේකේ අයට, අනේ එහෙම කොල්ලෙක්නෙ මේ ..කියලා , නෑ නෑ දවල් තිස්සෙ රස්තියාදු ගහලා රෑ අම්මා අමාරුවෙන් නාස් ලණුව දාලා අල්ලා ගන්නවා) ( 13 පිටුව)
" මම ඒ රතිඤ්ඤා දාන දැමිල්ලට, ගෙදර බල්ලො ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යනවා" (17 පිටුව)
සරල, හාස්‍ය මුසු වාචික බස් වහරක් යොදා ගෙන ඇති නිසා කියවීම පහසු ය. මුහුණු පොතට ලියු අයුරින්ම නැතුව පොතකට ගැළපෙන ලෙස වෙනස් කරානං තවත් සාර්ථක යැයි සිතමි. හාස්‍ය මුසු උපමා යොදා ගැනීමක් මෙම කෘතියට භාවිත කර ඇත. එක ම ශානරයෙ පොත් කියවලා චූටී වෙනසකටත් එක්ක මේක කියවලා බලන්න. මූඩ් ෆික්ස් කරන මරු පොතක් වනු නොඅනුමානය.
✍️ Dinesha Chandrasena -
හාස්‍යෝත්පාදක කතාමෙය කර්තෘ ප්‍රකාශන - Self Published ප්‍රකාශනය පිළිබඳ විචාරයකිබාලාංශේ
"ගමේ අවුරුදු උත්සවේ ඉවර කරලා රෑ වෙලා ගෙදර ආපු පුතියා ඇරලා බැලුවා දරුකමට හදා ගත්තු ලේන්නු දෙන්නා ඉන්න කූඩුව... ටසිරි මෙන්න ඇතුළේ අඳුරන ඇස් දෙකක්"
බාලාංශේ කෘතිය වෘත්තියෙන් ඉංජිනේරුවකු වන තාරු රාජපක්ෂගේ පළමු කෘතිය වේ. මීට අමතරව තාරුගේ සිද්ධි Thaaarustories නම් facebook පිටුව ඔස්සේ තම නිර්මාණ පාඨකයා වෙත ඉදිරිපත් කරයි.
"මම මහප්පලාගෙ ගෙදර ගියාම එහේ ටීවි එකක් තියෙනවා. ඉතින් මම කාටුන් බලනවා. සූර පප්පා, ටොම් ඇන් ජෙරී
ඔන්න එනවා අයියලා, මෙයාලා ක්‍රිකට් පිස්සො
එයාලට ඕන මැච් බලන්න. ඇඩ් යන වෙලේට විතරක් මම බලපන්කො කාටුන්"
හාස්‍යෝත්පාදක ශෛලයකින් ලියැවී ඇති මෙහි තාරු ඉදිරිපත් කරන්නේ තම කුඩා කල අත්දැකීම් වේ. මෙහි දෙවන කොටසක් ද පලව ඇති අතර එය මේ සටහන ලියන මා ද කියවා නොමැත. ????
තාරු ට සුබපැතුම් එක් කරමින් සටහන සමාප්ත කරමි.
ප්‍රකාශනය - කතෘ ප්‍රකාශන
පිටු - 140
මිල - රු 850.00
රංග යුදාර -
සුපිරියක්මෙය කර්තෘ ප්‍රකාශන - Self Published ප්‍රකාශනය පිළිබඳ විචාරයකිඇත්තටම හරිම ලස්සන කතා ගොන්නක් . කියවල බලන්න ආස හිතෙයි.
-
සුන්දර අතීතයමෙය කර්තෘ ප්‍රකාශන - Self Published ප්‍රකාශනය පිළිබඳ විචාරයකිළමා කාලයේ සුන්දරත්වය ඇත්තටම විදින්න පුළුවන් පොත්ක්
-
තාරුගේ බාලාංසෙමෙය කර්තෘ ප්‍රකාශන - Self Published ප්‍රකාශනය පිළිබඳ විචාරයකිමම තාරුගේ පොතේ නම කියවන්න කැමති "බාලාංසෙ" විදියට 'ශ' යන්න කපල 'ස' යන්න දාල. මොකද පොත කියවනකොට මම හිතෙන් ඇවිදන් යන්නෙ මහප්‍රාණවලින් තොර උන හරිම සරල සුන්දර මගේ ළමා කාලයට. පොතේ හැම පිටුවකම තියෙන්නෙ මගේ බාලාංසෙ කතාවලට සමාන කතා. අපි ගස් ගල්, බල්ලො, පූසො, ගෙම්බො, පනුවන්ටත් අවදානය දීපු කාලෙ සිද්දි.
ඉතිං තාමත් "ළමය"මරානොගෙන හිත ඇතුලෙ පරිස්සම් කරන අයට බාලාංසෙ පොත අස්සෙ ආපහු තමන්ගෙ ළමාකාලය හමුවේවි අනිවාර්යයෙන්ම.
ඒවගේම වැඩිහිටියො වෙලා, පොරවල් වෙලා නොනවතින රේස් එකක දුවන "ළමය" මරාගත්ත , "ළමය" කෝමා තත්වයට පත්කරගත්ත අයටත් තමන්ගෙ ඇතුලෙ උන්නු "ළමයට" නැවත පණ දෙන්න පුලුවන් වේවි හුස්මක් කටක් අරන් නිවිසැනසිල්ලෙ මේ පොත කියවපු වෙලාවක.
තාරුගෙ බාලංසෙ අකුරු අස්සෙ ලොකු මහප්‍රාණ නැතුව ඒ සරල මැජික් එක තියෙනව. -
සුපිරිම හාස්‍යෝත්පාදක පොතක්මෙය කර්තෘ ප්‍රකාශන - Self Published ප්‍රකාශනය පිළිබඳ විචාරයකිකාලෙකින් කියවපු හොදම පොතක්..කියවන්න ගත්තම තියන්න හිතෙන්නැ.. පොත ඉවර උනාට ආයෙ ටික දවසක් යනකන් මතක් වෙලත් හිනා යනවා.. තාරු රාජපක්ශ කියන්නෙ අති දක්ශයෙක්..
-
Tharanga Nayanakanthaමෙය කර්තෘ ප්‍රකාශන - Self Published ප්‍රකාශනය පිළිබඳ විචාරයකිකියලා වැඩක් නෑ ඉස්කෝලෙ කාලෙ එහෙම පිටින් මතක් වෙනවා බං....
-
සුපිරි පොතක්..මෙය කර්තෘ ප්‍රකාශන - Self Published ප්‍රකාශනය පිළිබඳ විචාරයකිඒ කාලේ ගත්ත ආතල් ඒ විදිහටම ලියල තියෙනවා..සුපිරි තාරුවා..
-
Really nice book ???? to read for everyone ❤️මෙය කර්තෘ ප්‍රකාශන - Self Published ප්‍රකාශනය පිළිබඳ විචාරයකිHighly recommended for anyone who wants to relive the magic of their early years.
Thank you Tharu Rajapaksha for this amazing book ????❤️
This book truly took me back to my childhood — a place filled with wonder, emotions, and memories I didn’t realize I had forgotten. -
"බාලාංශේ" is a tender, introspective gem—a must-read for those who appreciate literary fiction grounded in memory, culture, and feeling. It's especially meaningful for readers who want to reconnect with their inner child, or who cherish the lyrical powerමෙය කර්තෘ ප්‍රකාශන - Self Published ප්‍රකාශනය පිළිබඳ විචාරයකි"බාලාංශේ" by Tharu Rajapaksha is not just a book—it’s a memory wrapped in the warmth of a village sunset, the scent of boiling milk, and the gentle echoes of a child’s curiosity. With just 140 pages, this short narrative achieves what many lengthy novels fail to do: it captures feeling.
Set against the backdrop of rural Sri Lanka, the story is less about plot and more about presence. It beautifully navigates the inner world of a child who returns home after temple festivities, only to find subtle yet vivid moments that speak to the heart—half-spilled milk, a mother’s silence, or the strangely magical pull of everyday objects. These small details carry deep symbolic weight, evoking innocence, growing awareness, and the delicate balance between imagination and truth.