මුද්‍රණ සහ ප්‍රකාශන 1
Customer Reviews 2
-
කෙටිකතාමෙය ග්‍රන්ථ සමාගම - Grantha (Pvt) Ltd ප්‍රකාශනය පිළිබඳ විචාරයකිචමින්දයට හෙණ ගහලා නෙමේ චමින්දයා තමා හෙණේ
මෙම කෘතිය තරිඳු ශ්‍රී ලොකුගමගේ විසින් මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයට එක් කරන ලද නවතම කෘතිය වේ. මින් පෙර ඔහු වයර් පොටක සෞන්දර්ය, ජීවිතයේ ඔයිල් පැල්ලම් සහ ඇල්බට්වරුද මනුෂ්‍යයෝය යන කෘති රචනා කර ඇත.
"ප්‍රියන්තයා චාටර් වුණාට කොත්තු බාස් මරු බුවා.පොර ඉස්සර භාතිය සන්තුෂ්ලගෙ සිංදුවල බීට්වලට කොත්තු ගහනවා..."
~ අපි වැහි කාල කීයක් නම් දරා ගත් මිනිස්සුද~
මෙම කෘතිය කෙටි කතා කෘතියකි. කෙටි කතා අටක් මෙහි අන්තර්ගත වේ. තරිඳු මෙහි භාවිතා කර ඇත්තේ ලිඛිත බස් වහරට වඩා සාමාන්‍ය ව්‍යවහාරයේ දකින වාචික බස් වහර වේ.
"මට රුවන් කල්පගේ වෙන්න පුළුවන් වෙච්චි එක හොඳයි. ඒත් මට ඕන වුනේ සනත් ජයසූරිය වෙන්න. ඒ වුනාට එච්චර හොඳට බැටින් බෑ. හැබැයි ලෙෆ්ට් හෑන්ඩ් වුනාට අපි කාටවත් අර්ජුන වෙන්න බෑ..."
~ කල්පගේ ඕවර් ද විකට්~
චමින්දයා එහි සුවිශේෂි නම හේතුවෙන් මෙරට ජනතාව අතර ජනප්‍රිය වූ කෘතියකි. එමෙන්ම වෙනස් ශානර මත පදනම්වූ කෙටි කතා එකතුව ද එහි රසවත් බව ඉහළ නැංවීමට හේතුවී ඇතිබව පෙනේ.
"ප්‍රීතිරාජ් අයියට ජෝති ඇහුනම ඉන්න බෑ. දිය කිඳුරිය ඇහුනම කොහොමත් ඉන්න බෑ. හොඳ සිහියෙන් ඉන්නවා නම් මූඩ් ගහලා තනියම කුටු කුටු ගගා හරි සිංදුව කියනවා.."
~චමින්දයට හෙණ ගහලා නෙමේ,චමින්දයා තමා හෙණේ~
සාහිත්‍ය දිවියේ දිගු ගමනකට ඔහුට සුබ පතමින් සටහන සමාප්ත කරමි.
ප්‍රකාශනය - ග්‍රන්ථ ප්‍රකාශන
පිටු - 192
මිල - රු 950.00
සටහන
රංග යුදාර -
Not an interesting bookමෙය ග්‍රන්ථ සමාගම - Grantha (Pvt) Ltd ප්‍රකාශනය පිළිබඳ විචාරයකිNo proper flow of content. Not interesting.
Unable to give a good recommendation