මුද්‍රණ සහ ප්‍රකාශන 1
Customer Reviews 15
-
චුටි මහත්තයාගේ ඇස්බැන්දුම්මෙය Grantha ප්‍රකාශනය පිළිබඳ විචාරයකිකෙහෙල් කොටුවේ චූටි මහත්තයා අකුරු වලින් "ඇස්බැන්දුම්" කරන හැටි හරිම අපුරුයි.පණ පිහිටුවලා ඇඳලා තියෙන චිත්‍ර එක්ක ඒ අකුරු වලට පණ ඇවිත් කරන සෙල්ලම් හරිම අගෙයි.තාක්ෂණය කොච්චර දියුණු උනත් බ්ලොග් එකකින් කියවපු කතන්දර මේ විදියට මුද්‍රණද්වරයෙන් කියවද්දී දැනෙන සජීවී බව වැඩියි. ළමා කතන්දරයක් කියලා පෙනුනාට පවුලේ හැමෝටම නරඹන්න පුළුවන් චිත්තරපටියක් වගේ බාල,තරුණ,වැඩිහිටි ඔය කොයි කාටත් කියවන්න පුළුවන් ලස්සන පොතක්
-
ඇස්බැන්දුම නම් වූ දුන් පොරොන්දු ඉටු කිරීමේ කතාව !මෙය Grantha ප්‍රකාශනය පිළිබඳ විචාරයකිබුද්ධි ප්‍රසාද්ගේ ඇස්බැන්දුම පොත දෙවෙනි වතාවටත් කියෙව්වෙමි. ඉතාම සරල සිද්ධියක් ඇසුරුකොට කතාව ලියැවී ඇත. තමා දුන් පොරොන්දුවක් කෙසේ හෝ ඉටු කළයුතු බව කියාදෙන අපූරු කතාවක් විදිහට මා "ඇස්බැන්දුම" කතාව හඳුන්වමි.
එසේම මේ කතා මාලාවේ දෙවෙනි පොත වූ "ඥාණතිස්සගේ කෑම පෙට්ටිය" මා අතට පත්වන තෙක් මා නොඉවසිල්ලෙන් පසුවෙමි.
බුද්ධිට ජය හා සතුට ! -
පොතක් ගෙන ගිය දුරක්....මෙය Grantha ප්‍රකාශනය පිළිබඳ විචාරයකිවෙල් ඉපනැල්ලේ දුවලා පැනලා, කැලෑ ගෙඩි කාලා, කැළණි ගඟේ ඇස් දොඹ ගෙඩි වගේ ලොකු වෙනකන් රතු වෙනකන් නාපු සුන්දර අතීතයක් හිමිවුණු අන්තිම පරම්පරාව අපි වියයුතුයි... දැන් කාලේ දරුවෙක්ට මේ කතා කියද්දි ඇහෙද්දි ඇස් ගෙඩි දෙක ලොකු කරන් කටත් ඇරන් බලන් ඉන්නේ හරියට සුරංඟනා කතාවක් අහන් ඉන්නවා වගේ...
අපේ සිත්වල හැංඟිලා තිබුණු ඒ සුන්දර අතීතේ, ආයේ ආයෙත් මතකයට නැගෙන්න පටන් ගත්තේ බුද්ධි ප්‍රසාද් නැතිනම් සයිබර් අවකාශය ඇස්බැන්දුමකින් තොරව හොල්ලපු කෙහෙල් කොටුවේ චූටි මහත්තයා ගේ කතා පෙලින්. මේ කතා පෙල කියවපු හැමෝගෙම හිතේ තිබුණු පුංචිම පුංචි ආසාව තමයි පොත් පෙලක් විදිහට ඉදිරියේදී එළිදැක්වෙනවා දැකීම.
අපි හැමෝම පුන පුනා බලන් හිටිය ඒ සොඳුරු මොහොත, “ඇස්බැන්දුම“ විදිහට එළිදක්වලා තියෙනවා හරි අපූරුවට. ඒ සොඳුරු අතීත සිදුවීම භාෂාවෙන් වගේම චිත්‍රයට නැගීමෙන් යස අගේට මනසෙහි මෙන්ම නෙතෙහි මැවීමට දැරූ උත්සහය බලාපොරොත්තු වුනාටත් වඩා සාර්ථක වෙලා තියෙනවා.
ඇස්බැන්දුමකින් තොරව අපිව පුදුම කරවපු කෙහෙල් කොටුවේ චූටි මහත්තය නොහොත් බුද්ධි ප්‍රසාද්ට ඉතිරි කතා පෙලත් සිත්ගන්නාසුළු ආකාරයෙන් ඉදිරිපත් කිරීමට ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා කියලා හදවතින්ම සුභ පතනවා... -
රොබින්හුඩ් සමග ගියෙමිමෙය Grantha ප්‍රකාශනය පිළිබඳ විචාරයකිබුද්ධි ගේ පොත කියෙව්වෙමි. වරක් නොව දෙවරක් ම කියෙව්වෙමි. ඒ මා හට මග හැරුණ තවත් රසවත් දෙයක් තිබේ දැයි බැලීමටය. දෙවන වරත් කියවන එය නැවුම් ය. පින්තූර සජීවීය. කථාවේ අපිත් චරිත බවට පත් වීමු. සර්කස් කාරයා බලනන චූටි මහත්තයාත් එක්ක ගිය කණ්ඩායමේ මමත් සිටියේය. ඒ තරම් සජීවීය.
මේ එක කථාවක් ය. තවත් ඉදිරියට පෙළ ගස්වා ඇත්තේ අපව “කුළප්පු“ කරන්නටය.
සැබෑ ඇස්බැන්දුම් කාරයා බුද්ධිය. “ඇස්බැන්දුමක් නැතුව වුණත් මිනිස්සු පුදුම කරවන්න පුළුවන්“ කියන චූටි මහත්තයාගෙ වචන සැබෑය. බුද්ධි එය කර ඇත.
ජය වේවා.
“ග්‍රන්ථ“ එකෙන් පොතක් ගත්තේ පළවෙනි වතාවටය. සුළු අඩුපාඩුවක් සිදු වුවත් එය ඔවුන් ගේ වරදක් බවපිළිගෙන ඉතාමත් සුහදශීලීව එය නිවැරදි කර වීය. ඒකටත් ස්තුතියි.
-
පනතියන චිත්‍ර සහ කතාකරන අකුරුමෙය Grantha ප්‍රකාශනය පිළිබඳ විචාරයකිකාලයක් සිංහල බ්ලොග් අස්සෙ කරක්ගහපු මට කියවන්න ලැබුන වගේම එකම කතාව දෙතුන්පාර කියවන්න හිතුන සීමිත බ්ලොග් අතරින් එකක් තමා සයිබර් යාය. ආසාවෙන් කියවපු ඒ කතා එකතුවෙන් ටිකක් බුක් මාක් කරගන්නවට වඩා ගොඩක් ලස්සනවෙයි පොත් රාක්කෙක දිලිසි දිලිසි තියෙද්දි, එහෙමත්ම නැත්තං මගෙ කෙල්ල බිම දාගෙන උඩ නැගල කියවද්දි. අනික කතාකරන ජාතියෙ පින්තූර කොලම දාහතක් තියනව කිවුවාම කොහොමද නිකං අතාරින්නෙ . . .
ස්තුතියි බුද්ධි ප්‍රසාද්. ඉතිරි කතා ටික වෙනුවෙනුත් බලාඉන්නව -
කථාවක් ඇතුළේ කථා ගොඩක්මෙය Grantha ප්‍රකාශනය පිළිබඳ විචාරයකිසයිබර් අවකාශයෙන් හඳුනාගත්තු කෙහෙල් කොටුවේ චූටි මහත්තයා මුද්‍රිත මාධ්‍යයට පැමිණීම සතුටක්.
මේ පොතේ තියෙන්නේ පොඩි කථාවක් වුණත් ඒ කථාව ඇතුළේ තවත් කථා කිහිපයක්ම තියෙන එක පොඩිහිටියන්ට වගේම වැඩිහිටියන්ටත් එක විදිහට වැදගත් වෙයි.
ඇත්තටම චූටි මහත්තයා ඇස් බැන්දුමකින් වගේම පොතක් විදිහට ඇවිත් අපිව පුදුම කළා විතරක් නෙමේ ඒකේ තියෙන පුංචි කථාවෙන් ලොකු පණිවුඩයක් දීලා ඇස්බැන්දුමක් නැතුවත් අපිව පුදුම කරවලා තියෙන්නේ. -
නියම ඇස් බැන්දුම් කියන්නෙ ආන්න එව්වට.මෙය Grantha ප්‍රකාශනය පිළිබඳ විචාරයකිඉස්සර මම පොත් ගොඩාක් එකතු කලා.නමුත් දැන් ඒ පොත් පරිත්‍යාග කරන කාලය.රටින් රට යද්දි ගෙවල් මාරු කරද්දි අත් හැරීම ප්‍රගුණ කලා.
හැබැයි සැතපුම් දහස් ගණන් මාත් එක්ක ගිහින් ආපහු ආව සමහර පොත් තියෙනව අත් අරින්න බැරි.
එයින් වැඩි හරිය රුසියන් සහ චීන ළමා පොත්.
මඩොල් දූව..අඹ යහළුවෝ...ඩ්Oකි..වගේ දේශිය පොත්.
ගිය ඉරිදා ඒ අත නාරින ගොඩට තව එකක් එකතු වුණා.
කොපි දෙකක් ගත්ත. එකක් අක්ක උගන්නන පාසලේ පුස්තකාලෙට දුන්න.
අනික අපේ ගෙදෙට්ට.
තෑගි දෙන්නයි තියා ගන්නයි හොඳ මේ පොත ලිව්වෙ යාළුවෙක්.
එයා එක්ක යාළු වුණේ එයාගෙ කෙහෙල් කොටුවෙ තිබ්බ කාළ යන්තරේට ආස වෙලා. ඒකෙ නැගල සුන්දර ළමා කාලෙට යන්න පුළුවන් වුන නිසා.
නියම ඇස් බැන්දුම් කියන්නෙ ආන්න එව්වට.
පොත දැකල අපේ කෙල්ලො දෙන්න කිව්වෙ අම්මට හරි දස්ස යාළුවො කියලයි.
බ්ලොග් ගැන අපි ලොකුවට හිතා හිටියට එහෙම දෙයක් තියෙනව කියල ගුරුවරියක් වන අපේ අක්කට පැහැදිලි කරන්න වුනා.
ඒ හින්දා සයිබරයේ හැOගෙන්න නොදී මේ කතා පොත් වෙන එක ගැන හුඟක් සතුටුයි.
කවරයේ සිට අන්තිම පිටුව වෙනකම්ම හරිම සැළකිල්ලෙන් නිමා කරල.
ලියන්නයි අඳින්නයි දෙකටම හැබෑම දස්සකමක් හැමෝටම නැහැනෙ.
ඉතින් ඇස්බැන්දුමක් නැතුවම අපිව සතුටු කරනවට බුද්ධිට ගොඩක් ස්තුතියි. -
පොතක් නෙමේ - හිතක්මෙය Grantha ප්‍රකාශනය පිළිබඳ විචාරයකිලදු කැළේ පැන සෙල්ලම් කරපු , කෙටි පහසු පාරවල් මගහරිමින් නියරවල් දිගේ දුවපු , වෙලේ ළිඳෙන් අතින් වතුර අරන් නාපු , දුනු ඊතල සාදා විදිමින් සෙල්ලම් කරපු, පාසල් ගොස් ආ විගස කිඹූලා මඩ කන්නා සේ බත්ගුලි ගිල සෙල්ලමට දුවපු කාලය සිහි වීමේ අවස්ථාවක් මේ ළඟ දිනක දී මට උදාවිය.
ඒ “ ඇස්බැන්දුම“ ගෙදරට පැමිණි දිනයයි. “ඇස්බැන්දුම්“ පර්සලය හා නිවසට පැමිණෙන තෙක් ලිහා බලන්නට එපැයි මා විසින් පනවා තිබූ නීතිය නිසා , මා නිවසට එන විට ද කොල්ලා සියලු වැඩ අතහැර පාර්සලය දෙස බලමින් මේසය වටා පැදකුනු කරමින් සිටිනු දැකිය හැකි විය.
කොල්ලා ඉතා අසරණය , මට ඔය වයසේ දී ඔය වැනි අණක් ලැබී තිබුනි නම් මෙලහට පාර්සලය ගලවා බලා එහි ඇති පොත් යහළුවන් සමඟ බෙදා හදා ගෙනද අවසන්ය. ඒ අපේ කාලයයි. අද දරුවන්ට නිවසේ මිදුලට බැසීමට ද සිය වතාවකටත් වඩා හොඳ හේතු දැක්වීමක් සිදු කිරීමට සිදු වේ.
කැලේ කොලේ නිරුවත් දෙපා වලින් සෙල්ලම් කිරීම නිසා පා ඇගිලි පසාරු කරන් ශරීරය තුලට ඇදී විත් ශරීරය අරක් ගත් ඇති පාංශු ජීවීන් තවමත් අපව කුල්මත් කරන බැව් , කෙහෙල් කොරටුවේ චූටි මහත්තයාගේ මේ අපූරු කතාන්දර පොත කියවද්දී මට දැනී ගිය දෙයකි.
පොතේ ඉන්නා චූටි මහත්තයා කරන කියන හැමදේම මාගේ පංචේන්ද්‍රියන්ට දැනෙන්නට ගත්තේ ඒ නිසා වන්නට ඇත. මා කෙහෙල් කොරටුවේ චූටි මහත්තයාට වඩා තරමක වැඩිමහලු කාන්තාවක වුව ද අප අත්විද ඇති කාලය ඒ තරමේ පරහක් නැති කාලයක් බවත් හිටි අඩියේම පෘථිවිය මහා වේගයෙන් කැරකීමට පටන් ගෙන ඇති බවත් මට වැටහෙන්නට පටන් ගත්තේ ද පොතේ අවසන් පිට්ට කියවා ඉසඹුවක් ලද විට යි.
කොල්ලා උකුලට ගෙන මේ පොත කියවා දීමට මට සිදු වන්නේ කොල්ලා තාම එකේ පන්තියේ වන බැවිනි.නමුත් පොතේ කතාව මගේ හිතේ ඇදෙන තරමට කොල්ලාට කතාව කියා දීමට මට හැකි බව මගේ විශ්වාසයයි.
කොල්ලාගේ පැත්තෙන් කතාව ගැන අදහස් පැවසීම පසෙක තබා මා මෙසේ ලියන්නේ අද කාලයේ දරුවන්ට වඩා අද මැදිවිය පැන්නීමටද ආසන්නව සිටන මාහට මේ පුංචි ළමා කතාන්දර පොත ලබා දුන් වින්දනයට කෘතගුණ සැලකීමක් වශයෙනි.
කියන්නට අතපසු විය. පොතේ චිත්‍ර ඉතාම සජීවී බැව් පැවසිය යුතුමය. කොතරම් හිතට අල්ලනවාද යත් ඊළඟ පිට්ට කියවීමට ඇති ආසාව මැඩගනිමින් චිත්‍රය දෙස බලා සිටියෙමි. ඇඟිලි තුඩඟින් ස්පර්ශ කර ද බැලූවෙමි. නමුත් අවසානයේ දී මට ඇති වූ සිතුවිල්ල වුයේ මෙතරම් ප්‍රමිතියට , මෙතරම් චිත්‍ර ප්‍රමාණයක් අඩංගුව මේ පොත මේ මිලට ලබා දීමට හැකි වුයේ ද කුමක් හෝ “ඇස්බැන්දුමක්“ නිසාම වන්නට ද පුලුවන් බවයි.
“ හැබැයි අපි උත්සාහ ගත්තොත් ඇස්බැන්දුමක් නැතුව වුනත් මිනිස්සු පුදුම කරන්න පුළුවන්....... “ -
ළමා කාලය වෙත සැනෙකින් අපව ගෙන යන අපූරු පොතක්..මෙය Grantha ප්‍රකාශනය පිළිබඳ විචාරයකිඅපූරුවට භාෂාව හසුරුවලා අපේ හිත් සැනෙකින් අපේම ළමා කාලය වෙත අරගෙන ගිහින් ඒ කාලෙ අතරමන් කරවන්ඩ පුළුවන් විදියෙ පොතක් බුද්ධිගෙ මේ හැකියාව අපි බ්ලොග් එක තුලින් හොඳටම අත් විඳලා තිබ්බ හින්දා වෙන්න ඇති මේ පොතට මෙච්චර සමීප වෙන්න පුළුවන් උනේ. බුද්ධිටම ආවේනික වෙච්ච සිතුවම්..දශක හතරකට ඉස්සර ළමා කාලෙ ගෙවපු අපිටත් වඩා අද ළමා පරපුර සිත් ගනීවියි කියලා හිතෙනවා. ඉදිරි නිර්මාණ කටයුතු වලටත් සුබ පතනවා !
-
අපූරු පොතක්මෙය Grantha ප්‍රකාශනය පිළිබඳ විචාරයකි
බුද්ධිගේ කතන්දර දුටු මුල් කාලයේම මට සිතුනේ මේවා පොතක් ලෙසින් තිබුණානම් කොපමණ අගේද කියලයි. බ්ලොග් එක හරහා කියවා තිබෙන නිසා මට හිතෙන්නෙ ඊළඟට එන්න තිබෙන අනෙකුත් කතන්දර මීටත් වඩා රසවත් බවයි. මේ අවුරුදු සමයේ පොඩ්ඩන්ට තිළිණ කරන්න " ඇස්බැන්දුම " අපූරුම පොතක්<br>
1
2