Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

මැස්සා

එරික් ඉලයප්ආරච්චි

තවම සමාලෝචන නැත
🌐 Sinhala 📚 1 ප්‍රකාශන Out of Stock

මුද්‍රණ සහ ප්‍රකාශන 1

Customer Reviews 1
  1. ★★★★☆ වෙහෙසකර සාහිත්‍යමය සමාජ කියවීමක්
    මෙය ගොඩගේ - Godage ප්‍රකාශනය පිළිබඳ විචාරයකි
    මැස්සා, ගද ගහන මිනිස් ජීවිතය තුල අස්වැසිල්ලක් සොයා ඉගිලෙන _ _ ගේ කතාව.
    ඔහු නිර්ණාමිකද? වෙනත් නමකින් හැදින්වූවාද? කුමන ගම් පළාතක අයෙක්ද? ඔහු කුමක් අරඹයා කුමක් කළ අයෙක්ද - එය ප්‍රශ්නයක්ද?
    ඔහු ඒ පෙදෙසේ යමක් කමක් තිබූ පවුලක බඩ පිස්සායි. ජීවිතය දගකාරකමක් නොව විප්ලවයක් ලෙස ඇරඹූ ඔහු සැමගේ ආදරය වෙනුවට නුහුරුස්සන බවක් උපයා ගනී. මිතුරන් ඇතිකරගන්නවා වෙනුවට මිතුරන් මතින් ලෝකය දකින ඔහු ගමට වඩා කාෂ්ඨක නගරයේ දුගද හමන ජීවිතයේ සුන්දරත්වයට වශී වෙයි.
    පසු කාලීනව ඔහුගේ කොළඹ පාසල් ජීවිතයත්, මතවාදී විශ්ව විද්‍යාල ජීවිතයත් ඔස්සේ කතාව ගෙතී ඇත. පුලුල් වපසරියකින් යුතු උවත් - කතාව මතින් නිදහස් මතධාරී විචක්ශන තාරුණ්‍යය පිලිබද - මත දැක්වීමක්ද විය හැක.
    සමකාලීන දේශපාලනය ගෑවී නොගෑවී කතාව ගලා ගියත්, කතාව දිවෙන ඒ වෙහෙසකර මාර්ගය, කතුවරාටම අනන්‍ය වූ සමාජීය කියවීමක - විස්තරාත්මක සාහිත්‍යමය ඉදිරිපත් කිරීමයි. ගැඹුරු සමාජ හරස්කඩක් නොගැලපෙන චරිත ගැලපෙන සිතුවිලි මතින් කාවද්දවා දිවෙන කතාව වෙහෙසකර සාහිත්‍ය රසයකින් යුතුය.
    විතණ්ඩ සමය, පරදේසි තුල ඇති කතා රසයට වඩා කතුවරයා මෙහිදී රතුපලස හෝ පේත තුල ඇති නිශ්ෂබ්ද ගුප්ත - කතා රසය ඉදිරිපත් කරයි.
    Hasarangag ·

මෙම කෘතිය ගැන ලියන්න