JavaScript seems to be disabled in your browser. For the best experience on our site, be sure to turn on Javascript in your browser.
දැනට නව දැනුම්දීම් නොමැත
Moriarty
Anthony Horowitz
“මම හිතන්නේ ඔබට වැරදුණා.”
“නමුත් එයින් මේ අබිරහස විසඳෙන්නේ නැහැ. මම හිතන්නේ ඔබ මෙතැනින් සොයාගන්න බලාපොරොත්තු වුණේ මේ වගේ දෙයක් නොවෙයි?”
“මම හීනෙකින්වත් මෙහෙම දෙයක් නම් බලාපොරොත්තු වුණේ නැහැ.”
“මෙය ඇත්තටම හිතාගන්න බැරි ගැටලුවක්. කොහොම නමුත් අපි මෙතැන ගතකළ කාලය හොඳටම වැඩියි. අපි මේ බිහිසුණු ස්ථානයෙන් පිටවෙලා ගිහින් වයින් වීදුරුවක් බොමු.”
ගල් පුවරුව මත දිගා කර තිබූ මළසිරුර දෙස අවසන් බැල්මක් හෙළූ මම, ඔහු සමඟ ආපසු හැරී තරප්පු පෙළ නැග්ගෙමි. ජෝන්ස් සිය සැරයටියේ වාරුවෙන් දැඩි ලෙස කොරගසමින් මා සමඟ ඉහළට පැමිණියේය.
“ඇත්තෙන්ම ඒ ඔහුම බව ඔබට විශ්වාසද?”
“ඒක ඇත්ත. පව් අසරණ හෝම්ස් මහත්තයා... ඕනෑම මනුෂ්‍යයෙකුට ලැබිය යුතු කිතුනු භූමදානයක සැනසීම පවා ඔහුට අහිමි වුණා.”
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
විචාරයක් ලිවීමට පිවිසෙන්න