මුද්‍රණ සහ ප්‍රකාශන 1
Customer Reviews 2
-
★★★★★ රහස් පරීක්ෂක කෘතියකිමෙය මියුසස් පොත් - Muses Books ප්‍රකාශනය පිළිබඳ විචාරයකිසාක්ෂි නීතිය, අපරාධ නීතිය, අධිකරණ වෛද්‍ය විද්‍යාව (ඩීඑන්ඒ පැතිකඩ) හා බුද්ධි පරීක්ෂණ සිද්ධාන්ත මනාව සංකලනය කළ අපූරු නව කතාවකි.
-
★★★★★ Fiction - Detectiveමෙය මියුසස් පොත් - Muses Books ප්‍රකාශනය පිළිබඳ විචාරයකි"කොහෙන්ද මේ වගේ පිස්සු යක්කු හොයාගෙන තියෙන්නෙ...?
මාත් හිතුවා සර්, ෆයිල් ගෙන්වලම බැලුවා .පස් දෙනාම High IQ ලු..
High IQ.. බම්බුව තමා "
කීර්තිමත් අධිකරණ වෛද්‍ය විද්‍යා මහාචාර්යවරයෙක්...
ඔහු සමඟ ජීවත්වන, තරුණ, රූමත් කථිකාචාර්යවරියක්..
සුන්දර හන්තාන අඩවියේ..
මහකන්ද නිවසේදී,
ආදරවන්තයන්ගේ දිනයට පහන්වන රැයේ සිදුවන ඝාතනයක්.... ????????????????
රටම කැළඹූ ,මහාචාර්යවරයා ගේ තරුණ පුත්‍රයා ඝාතනයට හේතුව???
අනියම් ප්‍රේමයක් ද?
විද්‍යාත්මක පරීක්ෂණයක් ද?
සැඟවුණු රහසක් ද?
මාස 05 ගතවීත් නොවිසඳුණු අභිරහසක් ...
රහසිගතව ක්‍රියාත්මක වන බුද්ධි ඒකකයක
අපරාධකරු හඹා යන දක්ෂ තරුණ නිලධාරිනියක්...
ඇයගේ අධීක්ෂණය යටතේ යොදවනු ලබන තරුණ නිලධාරියෙක්
ඒ ඔහුගේ රැකියා සුරක්ෂිතතාව තීරණය කරන පළමු පැවරුම යි..
මෙම කෘතිය කියවීමේදි සිහිපත් වන්නේ ෂර්ලොක් හෝම්ස්, මාර්ෂල් ජයවීර සහ ජගත් අබේනායක යි. ඔවුන් සතු විමර්ශනශීලිත්වය, විකල්ප කෙරෙහි සැලකිලිමත් බව මෙන්ම ඉන් ඔබ්බට ගිය තාක්ෂණික උපකරණ භාවිතයකින් රාවණ් සන්නද්ධ ය.
කතුවරයා ගේ පළමු නවකතාව රාවණ් ලියෝ වේ. මින් පෙර බුද්ධ් පරික්ෂණ කෘති 04 සහ කාව්‍ය කෘතියක් ද, කෙටිකතා කෘතියක් ද ඔහු සාහිත්‍ය ක්ෂේත්‍රයට දායාද කර ඇත.
එසේම අපරාධ නීතිය , දේපළ නීතිය , අධිකරණ වෛද්‍ය විද්‍යාව , බුද්ධි පරික්ෂණය , DNA තාක්ෂණය ආදී ක්ෂේත්‍ර ගණනාවක් මනා ලෙස සංකලනය කරමින් , පියවරෙන් පියවරට තර්ක ගොඩ නගමින් , අවසන් පිටුව දක්වාම කුතුහලය රඳවා, අපරාධකරුවා සිතාගැනීම ඔබටම පවරමින් පරික්ෂණය නිම කිරීමටද ඔහු සමත්වී ඇත.
රාවණ් ලියෝ ගේ වික්‍රමය මෙතෙකින් අවසාන නොවන්නේ නම් යෝග්‍ය බව මාගේ හැඟීම වේ.