මුද්‍රණ සහ ප්‍රකාශන 1
Customer Reviews 1
-
රසවත් නිර්මාණයක්...!මෙය ග්‍රන්ථ සමාගම - Grantha (Pvt) Ltd ප්‍රකාශනය පිළිබඳ විචාරයකිනූතන විදු ඇස මානව අක්ෂියක් වැන්න. ඊට හසු වන දෑ මෙන්ම හසු නොවන දෑ ද එමටය. පදාර්ථ හා එහි හැසිරුම මත පදනම්ව ගොඩනැගුනු නූතන විද්‍යාව තුළම ග්‍රහණයට හසු නොවූ අඳුරු පදාර්ථ වල පැවතීම අසම්භව්‍යයක් විය නොහැක. එවැන්නක් තිබිය හැකිය. ඒ කෙසේ වෙතත්, මෙම යක්ඛරාජ ග්‍රන්ථය තුළ කතා බහ කෙරෙන හෙළ ඉතිහාසයේ ජනප්‍රියම ජනප්‍රවාදයක් වන රිටිගල ජයසේන මෙන්ම, දේවගිරිපුර සිල්වත් තැනගේ චරිත තුළ පාඨක අපට ගත හැකි ආදර්ශද රාශියකි. තවද, සාහිත්‍ය රසාස්වාදයෙහිලා විග්‍රහ කිරීමේදී අවස්ථානුකූල පාරිසරික අලංකරණ, ප්‍රාදේශීය ව්‍යවහාරික රටා තුළ අකුරු ප්‍රමාණයකට සීමා නොවූ රසක් ගැබ්ව ඇත. එතුළින් පාඨක සිත් මත් කරන්නට චන්දික අබේවික්‍රම මහතාට හැකියාව ලැබීම පිළිබඳ මගේ උණුසුම් සුභ පැතුම්...!