ඒකී හඳ එළියට හිනාවුණා
එකිනෙකා අතර අදහස් හුවමාරුවේ දී භාෂාව ප්‍රධාන මෙවලමක් ලෙස භාවිත වෙයි. මිනිස් සමාජය වර්ධනය වී ඉදිරියට ඇදෙන්නේ අතීත අද්දැකීම් හා අනාගත සිහින මතයි. ලිඛිත භාෂාව වර්ධනය වීමට පෙර මිනිස් අද්දැකීම්, මුඛ පරම්පරාගත ව ගොඩනගන ලද සාහිත්‍යය වඩා ප්‍රජාතන්ත්‍රීයයි.
භාෂාවේ ඇති ලස්සන ම හා වැදගත් ම දේ එය හැම විට ම වෙනස් වෙමින් විචිත්‍ර සංකල්ප ගැනීමයි; එක ම කතන්දරය විවිධ ආකාරයෙන් කීමයි. කතාවේ මූලික හරය එසේ ම පවතිද්දී භාෂාවේ අලංකරණ අලුත් වෙමින් එක ම කතාව වෙනස් කතා ගොන්නක් බවට පත්වෙමින් ජනකතා ලෙස ප්‍රතිනිර්මාණය වීමයි. මෙය සිදු වන්නේ සාමාන්‍ය පොදු මිනිසා'ගේ මැදිහත්වීමෙනුයි.
මෙම පොතේ ඇත්තේ, එවැනි සාමාන්‍ය පොදු මිනිසා ගැන කතන්දරයි; අද්දැකීම් මත ලියූ කතායි. එවැනි කතා ලිවිය හැක්කේ ඔවුන් අතරින් ඇවිදින, අනාගත සිහින දකින්නකුට පමණයි; ඒ සිහින පසුපස ලුහුබැඳ ජීවිතය වෙනත් ආකාරයකින් විඳින්නට වෙහෙසෙන මිහිසෙකුට පමණයි. එවැනි මිනිසුන් හැමවිට ම මේ මොහොත මෙන් තරුණයි.
- මො.ල. සෙනෙවිරත්න -
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.