ගහල කිරිල්ලී
ඒ හැන්දෑව ලේ පාට හැන්දෑවක්. අහසයි පොළොවයි අතර ඕනෑම දෙයක් වෙන්න පුළුවන් හැන්දෑවක්. අහස පොළොවට පාත් වෙලා පොළොව චප්ප කරපු හැන්දෑවක්. ඒ චප්ප කෙරිල්ලෙදි පොළොව ගල්කරගෙන හිටිය පර්වත වෙඬරු වගේ දියවෙලා වැක්කෙරුණා. අස්සයින්ට අං ආවා. කුළු මීම්මු ඇනකොටා ගත්තා. වැවේ සොරොව්ව කඩාගෙන ගිහින් ගං වතුර පහත් බිම් යට කළා. බිම් මල්, පින් මල් වෙනසක් නැතුව ජීවිතේ පූජා කළා. පිපෙන්න බලාගෙන හිටිය මල් පොහොට්ටු යායක් සමූලඝාතනය වුණා. විහාරයේ ඝණ්ඨාරය ඉබේම නාද වෙන්න පටන් ගත්තා. බෝමළුවෙ පත්කඩය එළාගෙන ගාථා කිව්ව උපාසකම්මලාට කරණීය මෙත්ත සුත්‍රය වැරදුණා. ලොකු හාමුදුරුවො මුචලින්ද නාගදරණය අස්සෙ වහං වුණා. විහාරගෙයි බිතුසිතුවම්වල හිටිය පටාචාරවගේ ඇස්වලින් අලුත් කඳුළක් බේරුණා. වලාකුළු බැම්මට ඔබ්බෙන් වැලි මළුවට පිවිසෙන ප්‍රාකාර බැම්මේ පඩිපෙළ දරාගෙන හිටිය බහිරව රූපයෙ උදරය ඉදිරියට නෙරාගෙන ආවා. කොටින්ම වෙන්න බෑ කියලා අපි හිතන ඔක්කොම දේවල් සිද්ධ වුණා. බෝ අත්ත විතරක් අනපේක්ෂිත වියරු හුළඟ උගුල්ලාගෙන යන්න දඟලන ළපටි බෝ පත්‍රය හයියෙන් තුරුලු කරගෙන අල්ලාගෙන හිටියා.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.