Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ගජසෙන් වලව්ව

ගජසෙන් වලව්ව

About this book

''ශාක්‍ය.. එක්ස්කියුස් මී.. ඔයා එක්ක මට පොඩ්ඩක් කතා කරන්න ඕනේ.. විනාඩියක් ඔහොම ඉන්න පුළුවන්ද..?”

ටික දුරක් ශාක්‍යගේ පස්සෙන් දුවගෙන ගිහින් ඉඩක් ලැබුණ තැනදී ශාක්‍යගේ ඉස්සරහට ඇවිත් ධාරා එහෙම කිව්වා.

"සොරි.. මං ඔයාව අඳුරන්නේ නැහැ..” ශාක්‍ය කිසිම හැඟීමක් මූණේ නැතුව උත්තර දුන්නා

"ශාක්‍ය.. ප්ලීස්.. මට ඔයා එක්ක විනාඩියක් කතා කරන්න දෙන්න..”

"අයි ඈම් එක්ට්‍රිම්ලි සොරි.. මම ඔයාව අඳුරන්නේ නැහැ.. ඒ නිසා අඳුරන්නේ නැති මිනිස්සුත් එක්ක මට කතා කරන්න දෙයක් ඇත්තේම නැහැ.. අනිත් එක තව ටික දවසකින් මං ආපහු ලංකාවෙන් යන නිසා මට සෑහෙන්න වැඩ වගයක් තියෙනවා කරගන්න.. ඒ නිසා නොදන්න මිනිස්සුන්ගේ වල්පල් අහන්න මට වෙලාවක් නෑ, ඉතින් ඔයා පුළුවන් තරම් ඈතින් ඉන්න.. ඒක අපි දෙන්නාටම හොඳයි..”

ශාක්‍ය ඒ වචන ටික කිව්වේ ධාරාගේ ඇස් දිහා එක එල්ලේ බලලායි.

ඒ මූණේ කිසිම හැඟීමක් නැහැයි කියලා ඒ දිහා බලාගෙන හිටිය ධාරාට දැනුණා. අඩුම තරමේ තමන් ශාක්‍යට කරපු දේ ගැන කේන්තියක් හෝ දුකක් පේන්න නැහැ. සමහරවිට ඒ වගේ කිසිම හැඟීමක් එළියට පේන්නේ නැතිවෙන්න ශාක්‍ය තමන්ගේ හිත ගලක් කරගෙන ඉන්න ඇති.

ISBN
9786245808274
පිටු ගණන (Pages)
272
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ගජසෙන් වලව්ව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.