ගං දිය නිසලයි
“නුවන්... නුවන් වැවට පැනලද? මං හිතන්නෙ අපි පරක්කු වැඩියි” ඒ සයුරිගේ හඬය.
ඒ ඇහුණේ කිසිමදාක අසන්නට බලාපොරොත්තු නොවූ වචන ටිකකි. මට එය ඇසුණේද එහා ලෝකයෙන් මෙනි. “ඔව්.. මැරිලා මං හිතන්නෙ පැය ගාණක් වෙනවා ඇති. මං ඒත් පොඩ්ඩක් බැලුවා මොනවද කරන්න පුළුවන් කියලා.”
නාඳුනන ඒ මිනිසා ගැන මට ඇති වුණේ ගෞරවයකි. මිය ගිහින්දැයි විශ්වාස කළ නොහැකිව ඔහු නුවන්ගේ පණ බේරාගැනීමට ගත් උත්සාහය මං සියැසින් දුටුවාය.
මං බියෙන් මුහුණ වසා ගත්තද දුටු ඒ දසුන මැවි මැවී පෙනෙන්නට විය. මුහුණේ තැනින් තැන මාළු කොටලදෝ තුවාල වී තිබුණි. නුවන්ගේ මුහුණ ඉදිමී ඇත. මෙය වූයේ කෙසේදැයි සිතා ගැනීමට නොහැක. විනාඩි කිහිපයක් ඇතුළත බොහෝ පිරිසක් එතැනට රැස්ව සිටියහ. ඒ අතර සේනක අයියාද විය. සෙනඟ පීරා ඒ දෑස් මාව සොයනවා සේ මට පෙනුණි.
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.