Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ගිම්හානය අග

ගිම්හානය අග

ප්‍රකාශක (Publisher): Storyflix
ප්‍රවර්ග (Genre): නවකතා ආදර නවකතා
About this book

"මිය ගිය අතීතය ගැනයි උදාවෙන්න තියෙන අනාගතය ගැනයි ඕනවට වඩා හිතුවොත් වර්තමානයේ සතුට නැති වෙනවා කියලා කතාවක් ඔයා අහලා තියනවද” එරන්ද ඇහුවෙ මගේ හිත අඳුන ගත්තා වගේ.

මම දැනුණු පුදුමය හංගගෙන හිස වැනුවා. ''දන්නවා උනාට ඔයා කරන්නෙත් ඒකමනෙ”

විවර වෙලා තිබුණු වීදුරු කවුළුවෙන් තද හුළඟක් ඇතුලට කඩා වැදුණා. මගේ පාලනයෙන් මිදුණු දිග කොණ්ඩෙ ගිහින් එරන්දගෙ මූණ සිප ගනිද්දි නම් මම පත් වුණේ ලොකු අපහසුවකට. මම ඒ ටික එකතු කරගන්න දරණ උත්සාහය දිහා එයා බලාගෙන හිටියෙ සිනහමුසු මුහුණින්.

“ඔයා වර්තමානෙට එන්න සමාධි... මම අනාගතේ ගැන බලාගන්නම්”

හුළඟෙ යන අන්තිම කෙස් රොදත් මගේ කන පිටිපස්සෙ හංගන ගමන් එයා කිව්වෙ බොහෝම ආදරණීය විදියට. කොහොමත් එයාගෙ හැසිරීම් වලින් සැරින් සැරේට හෙල්ලෙන්න අරගෙන තිබුණු හදවතේ කම්පනය තවත් ටිකක් වැඩි වුණා.

ISBN
9786246266004
පිටු ගණන (Pages)
320
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ගිම්හානය අග

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.