හීන මායිම
Trailer
Review By Kanchana (පෙරවදන)
පොතෙහි සමාජ ස්ථර දෙකක දිග හැරෙන කතා දෙකක් ඇත. මෙම කතා දෙක යාවන ස්ථානයක් ගැන පොත ආරම්භයෙදී හෝ මැදදී සිතා ගත නොහැකි වේ. එම සිද්ධීන් එකිනෙක හා ගැලපී යා වන අවස්ථාවන් කතුවරයා ඉදිරිපත් කරන ආකාරය අපූරුය. කෘතහස්ත ලේඛකයකු සිය ලේඛනයේදී පාඨකයාට අනපේක්ෂිත සිදුවීම් ඉදිරිපත් කිරීමේදී දක්වන කුසලතාවයම තරිඳු ගේ, හීන මායිම්හි මම දුටුවෙමි. පොතෙහි භාෂා හරඹය ද එහි පිටකවරය සේම, පොතෙහි නම සේම ආකර්ෂණීය වේ.
අදහස චාරුන්‍යා ගමගේ කතුවරියගේය.
තනිකම මිනිස්සුන්ට හුඟක් දේවල් උගන්නනවා . අනික තනිකමට සීමා මායිම් දාන්න කෙනෙක් නෑ. තනිකම විඳින මිනිස්සුත් ඉන්නවා, විඳවන මිනිස්සුත් ඉන්නවා. ජීවිතය කියන්නෙ හරි පුදුම දෙයක්. අපි කොහෙද යන්නෙ, කොහෙද නවතින්නෙ? කවුරුත් දන්නෙ නෑ, අවිනිශ්චිතතාවයකින් පිරිච්ච තැනක්. මිනිස්සු ජීවත් වෙන්නෙ මහ හුඟක් බලාපොරොත්තු හීන පොදි බැඳගෙන. ඒ හීනත් , ඒ බලා පොරොත්තුත් සැබෑ කරගන්නෙ කීයෙන් කී දෙනාද?
ඇත්තම කිවුවොත් මිනිස්සු ජීවත් වෙනවා කියන්නෙ හීන පස්සෙ දුවන එක .
මේ පස්වලට යට වෙලා ඉන්න මිනිස්සුන්ගේ කතාවල් අපිට එකින් එක අහගෙන ඉන්න පුළුවන් නම් අපේ ජීවිතේ තේරුම් ගන්න එක අපිට මහ අමාරුවක් නැහැ. සමහරවිට තෙුන් දෙනෙක්ගේ කම විදිහෙ කතාවල් අහන්න පුළුවන් වෙයි, ඒ හැම කතාවකම අවසානය සමුගැනීමක්. හැඟුම්බර දුක්බර සමුගැනීමකින් කෙළවරවීමක්. ඒ ඔක්කොම අහගෙන ඉන්න තියෙනවනම් මම අහගෙන ඉන්නවා. එතකොට ජීවිතය ඉගෙන ගන්න පුළුවන්. ජීවිතය ජය ගන්න මිනිස්සුන්ගෙ ජීවිතේ පැරදුණ මිනිස්සුන්ගේ කතා එකට එකතු උනහම ජීවත්වෙන මිනිස්සුන්ට ජීවිතය හොයාගන්න ලේසි වෙයි. හරියට ඇක්මන් අයිය වගේ. ඇක්මන් අයිය මේ මලකඳන් අතර ජීවිතය හොයනව වගේ. කිසිම හාවක් හූවක් නැති අතීතයක් විතරක් තියෙන මිනිස්සුන්ව තවත් මිනිස්සු ටිකක් ඇවිත් වළක පොළොව යට හංගල ගියාට ඇක්මන් අයිය ඒ මිනිස්සුන්ව ආයෙ වළෙන් උඩට ගන්නෙ ඇක්මන් අයියගෙ ජීවිතේ හොයාගන්න. සමහර විට තව අයට ජීවිතේ හොයලා දෙන්න.-
පුංචි දිය සීරාවකින් පටන් අරගෙන මහ ගගක් වෙලා අන්තිමට ඒ ගග තම ජලකද මහ මුහුදට මුදාහරිනවා වගේමයි..... ජීවිතයත්,,පුංචිම තැනකින් පටන් අරන් ගංගාවක් වගේම හැල හැප්පීම් බාදක මැඩගෙන එලෙසම ගලා යා යුතුයි,,ඒ හීන මානයේ ඇරබුමයි...පරිච්ඡේදයෙන් පරිච්ඡේදයට ගමත් නගරයත් අතර ගොඩනැගූ එක කතාන්දරයකි.මෙහි මුල් පිටු සියය කියවමින් යන අතර,මා කල්පනා කලේ එම පිටු අතර ලියවුන කතාව ඉතාමත් සරල අයුරින් ගොඩ නගා ඇත යන්නය.ඒ වගේම කතාවෙහි යම් තැන් දෙබස් ආකාරයට කියවන්නට හැකි ආකාරයකට ලියවී ඇති බවක් මාහට දැනුනි.
මෙය පොතක හෝ දිනපොතක ලියවුන සටහනක්වත් දෝ දැයි මාත් මගෙන්ම විමසුවෙමි.ඉතා සිත් ගත්,හිතට දැනුන වැකි කීපයක්ද එම පිටු අතරෙදි මා හට මුනගැසුනි. කියවන මට එලෙස දැනෙනවාදැයි මා එක මොහොතක සිතුවෙමි.නමුත් මෙහි ගම සහ නගරය කොතැනකදී හෝ සම්බන්ධවන බව , විවිධ නවකතා,චිත්‍රපට රසවිද එයින් මා වැනි අයකු ලබා ඇති කුඩා අත්දැකීම් ප්‍රමානයෙන් දැන සිටියෙමි.
මුල් පිටු සියයෙන් පසු හීන මායිම කියවන්නට ඇතිවූයේ කුතුහලයකි.මේ ගම නගරය කොයි මොහොතේ එක කතාවක් වටා ගොඩනැගේවිද? අතීතය වර්තමානය සමග ගැලපේවිද,ඒ කතාව මොනතරම් රසවත්වේවිද යන්න මා ඉදිරි පිටු කියවමින් සෙව්වෙමි.
තරිදු කී ලෙසටම බොහෝ දෙනෙකු තම ජීවිත තුල සම්පූර්ණයෙන්ම හෝ මද පමනකින් හෝ විවිධ කාලවකවානුවලදී මෙහි ඇති අත්දැකීම් විදගෙන ඇති.ජීවිතය විටක කලවම් මැල්ලුමක්ම තමයි.මේක අපේම කතාවකි.
මේ නාගරිකකරණය වූ සමාජය, වටපිටාව වටා ගොඩනැගුනු සිදුවීම්ම,අත්දැකීම්කරගෙන ජීවිතය ජයගත් මිනිසුන් කොතරම්ද,,ඔවුන් ජීවත්වීමට ගන්නා වෙහෙස ,දුක් මහන්සිය,රැවටීම්, බැටකෑම් කොතරම්ද?මෙහි සියුම්ව ඒ තැන් මතුකරමින් කතාව එකිනෙක සම්බන්ධ කර ගොඩනගා ඇති අයුරු කදිමය.
ඇක්මන් අයියලා,සදගිරි හෝටලයේ මුදලාලිලා වැන්නවුන්ද, සිරිසෝමලා,නිමල්ලා,බකමූනලා,බස්සලා ,පෙම්බරා ල,සිල්වා මුදලාලිලා වැනිඅය තාම මේ නගරයේ අප සමගම ජීවත්වෙති....
මානව සබදතා මෙන්ම විශ්වයේ මිනිසාටද ඕනෑම සත්වයකුටද පොදු,ආදරය වැනි සියුම් කාරනා මෙන්ම,මිනිසුන්ගේ හැගීම්,ගනුදෙනු,ජයගැනීම්,විද දරාගැනීම්,ජීවිතය හැරයෑම් වැනි දෑද මනාවට කතාවට ගලාපාගෙන ඇත.
තවමත් පිටිසර ග්‍රාමීය පරිසරය තුල ද්‍රරිද්‍රතාවය නිසා මිනිසා මුහුනදෙන දුශ්කරතා අපහසුතා කොතරම්ද?
සිදාරිස්,සොපියා,උක්කුවා,සුදූවා,පොඩ්ඩිලා,සීලවතී,
සින්නයියා,මුදියන්සේලා,පාලලා වැනි මිනිසුන් තාමත් අපේ ගම්වල ජීවත්වෙනවා.ඔවුන් ලැබූ අමිහිරි අත්දැකීම්මතින් ජීවිතය ගලා යන අයුරු මනාවට හීන මායිමේ ලියවී තිබෙනයුරු කියවන ඔබේ නෙතටත් හසුවේවි.
මුදලට වෙහෙසෙන මිනිසුන්ට ජීවිතයක් ඇතිද, මිල මුදල් හම්බකරන්න, හම්බකරන්න එහි ඇතිවීමක් නොදකින වත්මන් බොහෝ මිනිසුන් අතර එහි ඇතිවීමක් දුටු "නාමසිංහ"ලා වැනි මනුස්සකම් පිරුනු මිනිසුන්ද මේ සමාජයේ නැතුවාම නොවෙයි..රටට ලෝකේට පේන්න පුදපූජා කරන්නාට වඩා, ආගම ධර්මය ඇසුරේ හරි පාරක ගමන් කරන්නා හැමදාමත් ජීවිතය කුමක්දැයි හරිහැටි අවබෝධකරගනී.පොඩිම තැනකින් ජීවිතය පටන් ගත්තු මිනිස්සු තවත් පොඩි මනුස්සයෙකුගේ දුක හදුනනවා,තව කෙනෙකුගේ දියුනුවට පාර පෙන්වනවා.එවැනි මිනිසුන් මේ විසල් සමාජයේ ඇතුලේ හමුවීමනම් භාග්‍යකි.
කතාවෙහි කිසි තැනක් මෙහි උපුටා නොදක්වන්නේ,එහි රසවත් බව මා මෙන්ම කියවන ඔබටත් විදගන්නට ඉඩතබමිනි.තරිදුගේ කුලුදුල් නවකතාව හීන මායිම නම් ඉතා රසවත් අර්ථවත් කෘතියකි.ඔබ හොද ලියන්නෙකි. ජීවන අත්දැකීම් තුලින් ඉදිරියටත් වඩා හොද නිර්මාණ බිහිකිරීමට ඔබේ දෑතට,මනසට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරන අතරම ඔබ වෙනුවෙන් මාගේ සුභ පැතුම් එක්කරමි...!
~මදූශි~ -
ElaI want it
-
SampathGood
-
Heena maaima bookMata miladee ganimata awashyai
- Page Previous
- Page 1
- You're currently reading page 2