ඉරුණු පිටු
''මනමාලි ලස්සනයි. ලෙක්චර් කෙනෙක් කියන්නෙ... භද්‍රා අක්කට හොඳයි ඉතින්... තුන් දෙනාම හොඳ ජොබ් කරන අය බැන්දා.”
“ඔව්, අක්කා සෑහෙන්න දුක් විඳලා ඔය දරුවෝ ඔය තත්වෙට ගෙනාවේ” තවත් තැනැත්තියක් එසේ පවසද්දී වෙනත් තැනැත්තියක් සිනාසෙනු පෙනිනි.
“දැන්වත් අක්කා කොල්ලා නිදහස් කරයිද දන්නෑ. මට තියෙන බය පුතාව අතාරින්න තියෙන ලෝබකමට මේ ළමයා එක්කත් පැටලෙයිද කියලා”
"ඕවා හරියයි. අයියා නැති වුණාම අක්කට හිටියෙ දරු තුන්දෙනා විතරනෙ. කෙල්ලො දෙන්නත් ගියාම කොල්ලා විතරනෙ ළඟ හිටියෙ. ඉතින් කෝකටත් හිටියේ පුතා හින්දා අක්කා ළං වුණෙ පුතාට. දැන් පුතෙක් නෙවෙයි, දුවෙකුත් ඉන්නවනෙ. ඒ හින්දා ප්‍රශ්නයක් වෙන එකක් නෑ.”
එහෙත් වෙනත් තැනැත්තියක් ඊට එකඟ වූයේ නැත.
"ගොඩක් අම්මලාට දුවලා අතැරියට පුතාලව අතාරින්න බෑ. අක්කත් එහෙම වුණොත් නම් ඉවරයි. පුතාට තමයි එපා වෙන්නෙ. දෙන්නා අතරෙ ගිරේට අහුවුණු පුවක් ගෙඩිය වගෙ තැළෙන්න වෙන්නෙ මේ කොල්ලට”
ඉතින් එය ඇසූ මොහොතේ පටන් සිතට සැනසුමක් වූයේ නැත. බොහෝ මව්වරුන් පුතුන් සමඟ වන පෙකණි වැල කපා දමන්නේ නැත. එහෙත් ගැටලුව වන්නේ එවන් නැන්දණියන් නිසා අසරණ වන්නේ දියණියන් වන බැවිනි.
''මගෙ කෙල්ලටත් එහෙම වෙයිද දෙයියනේ...''
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.