මිෂ්කයි මමයි
“ඔයාලාට කිසිම දේකට කිසිම වෙලාවක් නැහැ. එන්න බැරිනම් ඇයි මේ කවයට බැඳුනේ? මේ වසන්තය වැඩ අධික කාලයක් අපට කුරුළු කූඩු හදන්නත් තියෙනවා.”
“අපි කුරුළු කූඩු පස්සේ හදන්නම්.”
“ඒ වුණාට කුරුල්ලෝ ඉක්මනින්ම ඒවි.”
“නෑ.. එයාලා එන්නේ නෑ...”
“මොනවාද ඔයා මේ කියන්නේ? ඔයා හිතන්නේ කුරුල්ලෝ ඔයාලා එනතුරු බලාගෙන ඉඳියි කියලාද?”
"එයාලා ඉඳියි! කෝ පොඩ්ඩක් ඉන්න...” මිෂ්කා එසේ කියාගෙන පොත් බෑගය කරේ එල්ලා ගත්තා. අපි එක හුස්මට ගෙදර දිව්වා. සෑම දෙයක්ම නිවැරදිව, අප කියූ ලෙසින්ම සිදුවී තිබීම අපේ සිත්වලට ලොකු සැනසුමක් ගෙන දුන්නා. විදුලි බුබුළ පිළිස්සී තිබුණේ නැත. උෂ්ණත්ව මාපකය නිසි ලෙස ක්‍රියාකරමින් තිබුණි. ඉක්‍යුබේටරය අසලම මායා ඇයට නියමිත තැන වාඩි වී සිටියා. අපි ඇයට මුව නොසෑහෙන්නම ස්තූති කර සෙල්ලම් කරන්නට යාමට ඇය මුදා හැරියා.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.