පැංචිලා සහ පැංචලා
සතුන්ට ආදරය කිරීම සහ සතුන්ගෙන් ආදරය ලැබීම අපට නොමිලේ
ලද හැකි උතුම්ම වූ දායාදයකි.මිනිසුන් සහ සතුන් අතර බැඳීම මනාව
ශිෂ්ටාචාරයේ ආරම්භයේ පටන්ම පැවත එන්නකි.එවැනි බැඳීම් පිළිබඳ
විවිදාකාර වූ කතා අප කොතෙකුත් කියවා ඇත.''පැංචිලා සහ පැංචලා'' ද
එවන් සත්ව පැටවුන් සහ දැරියන් සිවුදෙනෙකු අතර පැවති මානුෂීය
බැඳීම් පිඏිබඳ ලියැවුණු විනෝදජනක මෙන්ම සංවේදි සටහන් පෙළකි.
ඔල්ගා පෙරොස්කායා නම් වූ කසකස්තාන ලේඛිකාව විසින් 1925 දී
රුසියානු බසින් ලියන ලද මෙම කතා පෙළ විශ්ව ළමා ග්රන්ථයක් ලෙසට
පත්වන්නේ 1966 දී එය ඉංග්රීසි බසට පරිවර්තනය වීමෙන් පසුවය.
පරම්පරාගත කෘතියක් වූ මෙය අද දක්වා ලොව පුරා ළමා පාඨකයන්
ලක්ෂ ගණනක් කියවා ඇති බවට තහවුරු වන්නේ ලැබී ඇති පාඨක
ප්රතිචාරවලිනි.
ළමා පෞරුෂය ගොඩනැංවීමට ආහාර පාන අධ්යාපනය පමණක් නොව,
එකිනෙකා අතර පවතින බැඳීම, ආදරය, කරුණාව උපේක්ෂාව වගේම
ජීවත්වන පරිසරයද, ගහකොළ, ඇළ - දොළ සතා සීපාවුන් මෙන්ම නිදහස්
ජීවන රටාවද අත්ය වශය වන බව ඔල්ගාගේ 'Kids and Cubs' මතින්
සිංහලට පරිවර්තනය වී ඇති "චිලා සහ පැවලා" ඔබට පසක් කර
දෙයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.