Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / රස්තියාදුවකට පසුව ජීවිතේ එමට

රස්තියාදුවකට පසුව ජීවිතේ එමට

ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

ඉපැද්දුවාට...
බිව්ව රන් කිරි වලට
හැමදාම ණය ගැතියි
නුඹේ රුව දිය කරන්
තැනුව රුව හරි අගෙයි
තුන් හිතකවත් තරහ
නැති සෙනෙහෙ විතරමයි
රත්තරන් මගෙ අම්මෙ
තුණුරුවනෙ රැකවලයි
හෙලූ දහඩිය කඳුළු
සුවඳ තවමත් දැනෙයි
නුඹ දුන්නු ඉවසීම
හැමදාම මම දිනයි
මගෙ දෑත් හයි වෙද්දි
දැනෙන හැටි හරි අගෙයි
තාත්තට නිවනෙ දුර
නැති බවම මට හැගෙයි
දෙගුරු හැඩ හුරු කමට
ගුණ නුවණ එක් කළා
මම දිනන මාවතට
අත් වාරු දික්කලා
කටුක තැන් මිහිරි ලෙස
ගෙවන හිත රක්කලා
මම හදපු ගුරු ඇඳුරු
පා පැනින් වක්කලා
මග නොමග කියාදුන්
හැම කෙනෙකුටම බැතින්
වැටෙන වට්ටන තැනදි
සවිය දුන්නට පෙමින්
රිදෙන රිද්දන අරුම
රඟපු උන්ටත් තුටින්
හුඟක් ස්තූතියි මම
ජීවිතේ අබිමනින්
අන්ත දුක් විඳි නැති
මේ ආව මාවතේ
සතුටකට එහා මොන
දුකක් වත් නෑ හිතේ
ලෝකයම දකින හැටි
මම හෙව්ව දස අතේ
උඹලාට ගොඩක් පිං
උගන්නපු ජීවිතේ...

ISBN
9786246273071
පිටු ගණන (Pages)
208
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: රස්තියාදුවකට පසුව ජීවිතේ එමට

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.