සිංහල නාට්‍ය සම්ප්‍රදාය හෙවත් සිංහල ගැමිනාටක විචාරය
සිංහල නාට්‍ය ඉතිහාසය ගොඩනැගීමෙහි නියුතු වූ පූර්වගාමී ලේඛකයා මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ය. යටත් විජිත මිෂනාරි අධ්‍යාපනයෙන් ලත් දැනුමෙන් සන්නද්ධ වූ සරච්චන්ද්‍ර පොදුවේ සිංහල සම්භාව්‍ය සාහිත්‍ය පිළිබඳ අදහස් දැක්වීමේ දී මිෂනාරි ආධ්‍යාපනික වින්තනයේ අනිසි බලපෑමට ලක් වී ඇතිබව පැහැදිලි ව දැකගත හැකි වන්නේ ය. එය වඩාත් තහවුරු වන්නේ සිංහල නාට්‍ය ප්‍රභවය පිළිබඳ කරන ලද අධ්‍යයනයේ දී ය. ඔහුගේ ඉගැන්වීම් අනුව, සිංහල නාට්‍ය සම්ප්‍රදායට අයත් නාට්‍ය වූ සොකරි, කෝලම්, කවිනළු සහ සුඛ කවිනළු හෙවත් බලියාග පිළිබඳ අදහස් දැක්වූ බොහෝ දෙනා මේ නාට්‍ය ජන නාට්‍ය හෝ ගැමි නාටක යනුවෙන් හඳුන්වා ඇති අතර එයින් සිදු ව ඇත්තේ සිංහල නාට්‍ය සම්ප්‍රදාය නූගත් ගැමියන්ගේ ව්‍යායාමයක් සේ සලකා අවතක්සේරුවට පත් වීම ය. යටත් විජිත මිෂනාරි අධ්‍යාපනයේ ප්‍රතිඵල විසින් සරච්චන්ද්‍ර, දේශීය නාට්‍ය කලාවේ වඩාත් විදග්ධ නාට්‍ය ලක්ෂණවලින් සමන්විත නාට්‍ය ප්‍රවර්ගය ලෙසින් කවිනළුව හෙවත් නාඩගම හදුන්වන අතර එහි ප්‍රභවය කතෝලික මිෂනාරී ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් සේ ඇති වූවක් යැයි තත් ඉතිහාසය සාවද්‍ය ලෙසින් ලඝු කොට දක්වන්නේ ය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.