Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / සුන්දරත්වයට පසු කලාව

සුන්දරත්වයට පසු කලාව

About this book

ශ්‍රී ලංකාවේ ත්‍රෛභාෂා කතා කරන ජනතාවගේ පොදු ගැටලුව නම්, සාධාරණ ලෙස දෘශ්‍ය කලාවන් සහ ව්යුක්ත චිත්‍ර කලාවන් කෙරෙහි නූතන න්‍යායක් නොමැතිකමයි. එම නිසා, දෘශ්‍ය කලාවන්ට අදාළ සංකීර්ණත්වය ගිලිහෙමින් ඒවා ප්‍රහේලිකා ස්වරූපයක් දක්වයි. නමුත්, ඉන්ද්‍රීය සංවේදනයට පදනම් නොවී නූතන සහ පශ්චාත්-නූතන ප්‍රතිරූප සංකල්පීය කියවීමකට හැකි පොහොසත් න්‍යායික සංස්කෘතියක් ලංකාවේ විශ්වවිද්‍යාලවල පවා තවමත් බිහි නොවීමයි. මෙම කෘතියෙන් උත්පාදනය වන නව න්‍යායික සංස්කෘතියෙන් විග්‍රහ කරන්නේ, දෘශ්‍ය කලාවක් මානසික ව්‍යුහයේ පරමාණුක ස්වරූපය වන භාෂාව (හේගලියානු අරුතින්) සහ කතන්දර ගෙතීම තුළින් දැක්වීමටයි. කලාව යල් පැනීමෙන් - නූතන පරිභෝජන සංස්කෘතියෙහි එය පුනර්ජීවනය වන්නේ, ආධ්‍යාන කලාවෙනි. එනම්, කලාව ඉන්ද්‍රීයගෝචරත්වය සමතික්‍රමණය කර අවබෝධයක් ලැබීම උදෙසා දාර්ශනීකකරණය කළ යුතුය. තවදුරටත්, ධනවාදී නූතනත්වය තුළින් ආ කලාව යථාර්ථය නියෝජනය නොකිරීමෙන් වැටහෙන්නේ, භෞතික ලෝකය විපර්යාස කිරීමකි. මෙම නව කලාත්මක විඥාණය තුළ කේන්ද්‍රය කාටීසියානු ආත්මයක් නොව, අනෙකා කේන්ද්‍රීය දිශානතියකි. එවැනි කලාවක බාහිර නිදහසකට වඩා ඇත්තේ, අභ්‍යන්තර නිදහසකි. නිදහස’ පවා නූතන කලාව තුළ දෘෂ්ටිවාදයකි. ධනවාදයට වඩා උත්තරීතර සමාජයක් තුළ අනුමාන කළ හැකි විමුක්තිය මෙම කෘතියේ අනාගත මානයයි.

Details
ISBN
9786249310209
පිටු ගණන (Pages)
208
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: සුන්දරත්වයට පසු කලාව

Reviews are published once a member of our team has read them.