X යනු කුමක්ද?
මම පොත් පිංච මගින් X කණ්ඩායම පිළිබඳව ඔබ මෙතෙක් දත් තතු අහෝසි වනු ඇත! පසුගිය දශක හතරක පමණ කාලය තුළ ලෝක මට්ටමෙන් සහ දේශීයව වම/ දකුණ වේවා, විප්ලවවාදී/ ප්‍රතිසංස්කරණවාදී වේවා මේ කුමන දේශපාලනයටත් පොදු එක ලක්ෂණයක් විය. එනම්, දේශපාලනය යනු, කඨෝර යථාර්ථයක් බුද්ධියට අවශෝෂණය කරමින් එය වෙනස් කිරීමට යෝජනාවලියක් සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීමයි. නමුත්, මෙම කුඩා පොත අවධානය යොමු කරන්නේ, එවන් ආකාරයේ සියළුම පාහේ බුද්ධිමය වෑයම් ශිෂ්ඨාචාරය අවසන් කර ඇති බවයි. ඓතිහාසික අර්ථයෙන් අප කියන්නේ, ලෝකයත්, ශ්‍රී ලංකාවත් තවම පශ්චාත්-නූතනවාදී බවයි. භේදයකින් තොරව සැවොම ඔප්පු කරන්නේ, තමන් නුතනවාදියෙකු හෝ කොමිනිස්ට්වාදියෙකු නොව පශ්චාත්-නුතනවාදියෙකු බවයි.
අප සංවිධානය විසින් 1999 දී පළ කළ 'පෘථිවිකරණය’ පොත පළ වී දැනට වසර 25 ක් පමණ ගත වී ඇත. එදා, එම පොතට අඩංගු නොවූ මෙම පොතට අඩංගු එකම කාරණය වන්නේ, සමාජ සමස්තයට අභ්‍යන්තරිකව අතිරික්තයක් ඇති බව පමණි. පැරණි සමාජ-ක්‍රම වලට වෙනස්ව ධනවාදය ඒ තුළ ජීවත් වන්නන්ට කප්පමක් ගෙවනු ලැබේ. අප එයට කියන්නේ, අශ්ලීල විනෝදය කියා ය. සමාජ-ක්‍රමය වෙනස් කිරීමට තර්ක බුද්ධිය වෙනුවට සමප්‍රේක්ෂණ තර්කයක් අවශ්‍ය වන්නේ එම නිසා ය. මෙමඟින්, දේශපාලනයේ විනෝද සාධකය වටහා ගැනීමට හැකි ය. මෙම සාධකය පිළිබඳව අපට පෙර නොතිබූ අවබෝධය නිසා ගෙවූ වන්දියේ නම - X කණ්ඩායම. මෙම නව සන්දර්භය අපට උගන්වා ඇත්තේ, වර්තමානය හෝ අනාගතය පිළිබඳව නොව අපගේම අතීත මරි මෝඩකම් පිළිබඳව ය. මා ද ඇතුළත්ව කළුවර වැටෙන විට සුදු පැහැය අහෝසි වී යයි.
-දීප්ති කුමාර ගුණරත්න-