Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / වසන්තේ වැහි

වසන්තේ වැහි

ප්‍රකාශක (Publisher): කර්තෘ ප්‍රකාශන - Self Published
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

නිවසින් පිටතට ආ ඔහුට පෙනුනේ අහසේ හොඳින් තරු පායා ඇති බවයි. සුරලොව පුරාම තරු වපුරා ඇති අපූරුව! ලොකු සහ කුඩා, කහ සහ රතු, නිල් සහ සුදු තරු පොකුරු පිටින් දිලිසෙති. ඒ රැස් දහරා අඳුරේ නලියති, නටති. අහසේ සඳ තිබුණේ නැත. සඳ එළිය නොමැතිව වුවද, ඒ සෙවණැලි රහිත ළා එළියේ සැමදෙයක්ම පැහැදිලිව පෙනේ. සනින් වීදිය කෙළවර තෙක්ම ඇවිද ගියේය.... එහෙත් දැන්මම කාමරයට යන්නට ඔහුගේ හිත ඔහුට ඉඩ නොදෙයි. ඔහුට දැනුනේ නැවුම් වාතයේ පහස විඳිමින් ටිකක් නිදැල්ලේ ඇව්දින්නට තමන්ට ඕනෑ බවයි. ආපසු හැරුණ ඔහු නැවතත් ආ දිශාවටම පිය මනින්නට විය. රොසෙලි නිවස ඉදිරිපිටට ඔහු ආවා පමණි. හදිසියේම ඔහුට ඇසුනේ නිවසේ පාරට මුහුණ ලා ඇති කවුළුවක් සිහින් හඬක් නංවමින් විවර වූ බවයි. විවරයේ කළු කොටුව මැද (කාමරය තුළ එළියක් තිබුණේ නැත) ගැහැනියකගේ රුවක් මතුවිණි. ඒ සමඟම කිසිවෙකු ඔහුගේ නමින් ඔහුව අමතනු ඔහුට ඇසිණි. “දිමිත්‍රි මහත්මයා.”

ISBN
9786249245709
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: වසන්තේ වැහි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.