වසන්තේ වැහි

Special Price රු. 880.00 Regular Price රු. 1,100.00
In stock
SKU
wasanthe-wahi-ivan-turgenev-piyal-panapitiya-kathru

නිවසින් පිටතට ආ ඔහුට පෙනුනේ අහසේ හොඳින් තරු පායා ඇති බවයි. සුරලොව පුරාම තරු වපුරා ඇති අපූරුව! ලොකු සහ කුඩා, කහ සහ රතු, නිල් සහ සුදු තරු පොකුරු පිටින් දිලිසෙති. ඒ රැස් දහරා අඳුරේ නලියති, නටති. අහසේ සඳ තිබුණේ නැත. සඳ එළිය නොමැතිව වුවද, ඒ සෙවණැලි රහිත ළා එළියේ සැමදෙයක්ම පැහැදිලිව පෙනේ. සනින් වීදිය කෙළවර තෙක්ම ඇවිද ගියේය.... එහෙත් දැන්මම කාමරයට යන්නට ඔහුගේ හිත ඔහුට ඉඩ නොදෙයි. ඔහුට දැනුනේ නැවුම් වාතයේ පහස විඳිමින් ටිකක් නිදැල්ලේ ඇව්දින්නට තමන්ට ඕනෑ බවයි. ආපසු හැරුණ ඔහු නැවතත් ආ දිශාවටම පිය මනින්නට විය. රොසෙලි නිවස ඉදිරිපිටට ඔහු ආවා පමණි. හදිසියේම ඔහුට ඇසුනේ නිවසේ පාරට මුහුණ ලා ඇති කවුළුවක් සිහින් හඬක් නංවමින් විවර වූ බවයි. විවරයේ කළු කොටුව මැද (කාමරය තුළ එළියක් තිබුණේ නැත) ගැහැනියකගේ රුවක් මතුවිණි. ඒ සමඟම කිසිවෙකු ඔහුගේ නමින් ඔහුව අමතනු ඔහුට ඇසිණි. “දිමිත්‍රි මහත්මයා.”

Author පියල් පනාපිටිය - Piyal Panapitiya (3), Ivan Turgenev (12)
Publisher කර්තෘ ප්‍රකාශන - Self Published (819)
More Information
ISBN 9786249245709
පිටු ගණන 200
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:වසන්තේ වැහි
Back to Top