"ම්..මට් මේක කරන්න බ්..බෑ..”
"මොකක්ද”
මට බෑ රන් මේ බැදීම තවත් ඇදගෙන යන්න බෑ. ඔයාගෙ ගෙදර අය කවදාවත් මට ඔයාව දෙන්නේ නෑ. එහෙම උනාම කවදාවත් අම්මා කැමති වෙන්නේ නෑ. අයියා කොහොමත් කැමතිවෙන්නේ නෑ. තවත් දුර ගිහින් හැරෙනවට වඩා..”
දේවතා ඉතිරිය නොකියා ඇමතිවරයා දෙස බැලුවාය. ඒ දෑස් දෙස බලාගෙන ඉතිරි අඩ කියන්නට නොහැකිව ලත වූවාය.
''ඔව් මොකක්ද තවත් දුර ගිහින් හැරෙනවට වඩා..මොකක්ද”
"අපි දැන්මම නතර වෙන එක හොදයි”
තේනුක රන්කඩුවගේ දෑස් සිහින් විය. මොහොතක් ඈ දෙස බලා උන්නේය. රත්පැහැගැන්ව තිබූ දෑස් මත තුනී තෙතමනයක් ඇදෙන අයුරු දේවතා බලා උන්නේ වේදනාවෙනි. තව මොහොතක් ගත වෙද්දී දේවතා උන්නේ ඔහුගේ විසල් පපුතුරේය. තේනුක රන්කඩුව ඈ වේගයෙන් සිය පපුතුරට ඇදගත්තේය. කිටි කිටියේබදා ගත්තේය. බදාගෙනම උන්නේය. විනාඩි දෙක තුනකට එහා ගිය මාරාන්තික හාදුව ලැබුනේ ඇගේ හීනි දෙතොල් වලටය.
''හිතන්නවත් එපා. මරලා දානවා.”
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.