මරණයේ දොරටුව - කෙටි කතා එකතුව
“ආයි” අත හොඳටම සීරි ගොසිනි. මම කොතරම් හයියෙන් කෑ ගසා, දොරට පයින් ගැසුවත් දොර සෙලවීමටවත් නොහැකි විය.
"බු..... හං∞.... හා.....” නැවතත් අර වියරු හිනා හඬ කැලය තුළින් ඇසෙන්නට විය. ඉදිරියෙන් ඇති කැලය ඉතාම බියකරු ය. ගස් වලට පවා පණ ඇතැයි මට සිතුණි. දොරට මඳක් එහායින්, මැරුණු මිනිසෙකුගේ ඇටසැකිල්ලක් විසිරී ගොස් ය. හිතට සවිය ගෙන මම හිමිහිට ඒ අඩි පාර දිගේ ඉදිරියට යන්නට වූයෙමි. මහා දැවැන්ත රූස්ස ගස් අතරින් කවුරුන් හෝ මා දෙස බලා සිටින බව, මට නිරතුරුව ම හැගෙන්නට විය. ඇගේ දැවටෙන සුළඟ සීතලම සීතල ය. ‛අනේ මට කාගෙ සරණක් ද?’ දෙනෙතින් කඳුළු බිඳු රූරා වැටෙන්නට විය. එක්වරටම මා පිටුපසින් කරස්.... කරස්... හඬින් අතු කැබලි කැඩෙන ශබ්දයක් ඇසෙන්නට විය.
"කවුද ඔතැන?” මම මහ හයියෙන් ඇසුවෙමි. එය නැවත නැවතත් කැලය තුළින් දෝංකාර දෙන්නට විය.
හූ........ හූ.... හූ......... හඬ නගමින්, විශාල කලු බල්ලෙක් මගේ ඇගට පැන්නේ ය. උගේ ඇස් දෙක රතුම රතු ගිනි බෝල දෙකක් මෙන් දිලිසෙන්නට විය. කිණිසි මෙන් දිගු උල් නියපොතුවලින් මා හූරා දැමූ ඌ ඊළඟට සැරසුණේ, මගේ බෙල්ලට පැන හපා දැමීමට ය. හිතට සවිය ගත් මම, අතට අසු වූ පොල්ලකින් උගේ ඔළුවට ගසනවාත් සමග ම ඌ නොපෙනී ගියේ ය. ඇග පුරාම රිදුම් දෙයි. ඇගේ සවිය තවත් ඉතුරු වී නොමැත. වෙවුලමින් මම මේ බියකරු කැලය පින්තූරයට නගන්නට වුණෙමි. ඉදිරියෙන් සුදු පාට ඡායාවක් දැක මගේ හදවත බියෙන් ගැහෙන්නට විය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.