නාගමාද්‍රි
"හිමාලයේ මේ කොටස ඇවිල්ලා... නාග රාජයෙකුට අයිති විමානයක්. නාගයෝ මහ මුහුදේ, කඳුවල, ලොකු වනාන්තරවල එයාලගේ විමාන හදාගන්නවා. මෙයාලා දිව්‍ය නාගයෝ. විශේෂයෙන් කඳු මුදුන් විමාන කරගන්නේ තක්ශක කුලයේ නාගයෝ. අනික් කුලවල නාගයෝ වගේ නෙවෙයි. එයාලා බොහොම භයානකයි. එයාලාගේ බලය ගැන අපිට වචනයෙන් දෙකෙන් විස්තර කරන්න බැහැ. හැබැයි කාටවත් අයගෙන් කරදරයක් නැහැ එයාලට අවැඩක් නොවෙන තාක්...”
"ඔය කියන අයව ඔබතුමා දැකල තියෙනවාද?” ඔලිවර් ඔච්චමට මෙන් විමසුවේය.
"මොකද නැත්තේ?
අතේ ඇඟිලි ගාණටත් වැඩියෙන්” "එයාලා මොන වගේද?"
"ගොඩක් වෙලාවට ඒ කුලයේ නාගයින්ව දකින්න ලැබෙන්නෙ මනුස්ස ස්වරූපයෙන්. බොහෝම සුන්දරයි. ඇස් රතුයි. ගිනි පෙළෙල්ලක් වාගේ”
මා තිගැස්සී රක්ත දෙස බැලුවෙමි. ඔහු ගිනි මැලය දෙස බලා නමුත් යටැසින් මා දෙස බලා විමසිල්ලෙන් මෙන් දෙබැම රැලි ගන්වාගෙන සිටි බව නම් විශ්වාසය. මා මාගේ යහළුවන් හා ප්‍රොෆෙසර්ගේ මුහුණ දෙස බැලීමි. ඔවුන් තවමත් උන්නේ යෝගී තුමාගේ මුහුණ දෙස බලා කතාවේ ඊට පසු ටික දැනගැනීමේ නොඉවසිල්ලකය.
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.