නාදමිත්‍රා
එක්වරම ඈතින් ඇසෙන්නට වූවේ අශ්වයන්ගේ
කුර ගැටෙනා හඬකි. කිසිවක් දෑසට පෙනෙන්නට
පෙර මහ පොළොව කුමක්දෝ කීමට අරඅදිමින්
උන්නේය. මඳින් මඳ අශ්ව කුර හඬ ළං ළංව
ඇසෙනා විට කාටත්, කිසිවකටත් කලින් පෙනුණේ
අහස උසට නැඟි දූවිලි වලාව සහ ඒ අතරින් මතු
වෙමින් තිබූ රූපයන් පමණි. විශාල දූවිලි වලාව
අතරින් අශ්වයෝ එකා දෙන්නා ඉස්මතු වූහ. ඒ
සියලු දෙනා මැදින් කිසිවෙකුත් විශ්වාස නොකළ
තැනැත්තියක් ධවල වර්ණ අශ්වයකු පිට නැඟී
එමින් උන්නාය.ඇගේ සළුව උරහිසේ සිට පහළට
එල්ලී දූවිලි වලාවෙන් උපන් සුළඟ එක්කලා
දඟලන්නට ගෙන තිබිණි. සන්නාහයෙන් සැරසීගත්
ආරක්ෂකයෝ සියයක් පමණ යකඩ වැටක් මෙන්
ඇයව පිරිවරා සිටියහ.ඕනෑම මොහොතක
මොකෙකුගේ උගුරකට හෝ කඩා පනින්නට
සූදානම්ව සිටින සිංහයන් රැළක් මෙන් උන්ගේ
ඇස් දිලිහිණි.ඔවුන් අවනතවූවේ රජුගේ අණට
නොවේ, ඇයගේත් ඇය වෙනුවෙන් උන් ඔහුගේත්
අණට පමණි. ඒ පැමිණියේ අන් අයෙක් නොව
නාදමිත්‍රාය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.