Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ගිරිමේඛල

ගිරිමේඛල

About this book

“මම කවුද, කොහෙන් ආපු එකෙක්ද කියා නොදැන මට ළං වෙන්ඩ බය නෑ?”

ගිරිමේඛල සැහැල්ලු බැල්මකින් බැලුවාය.

“මට එව්වා හිතන්ඩ මතක් වුණේ නෑ. වෙදකමට ඒවා අදාළ නෑ නෙව...”

කුමාරයාට හිනාවක් නැගිණි.

“එතකොට මේ වෙදකමක්ද?”

“නැතුව... ආදරේ තරම් දෙන්ඩ පුළුවන් හොඳ වෙන ඛෙහෙතක් තියෙනවද, මනුස්සයෙක්ට?"

ගිරිමේඛල කියන්නේ බොරු නොවන වග කුමරු දන්නේය. කොහොම වෙතත්, රටේ මහරජ්ජුරුවන්ගේ පුත්‍රයා තමාට උමතුවෙන් මෙන් ආලය කරන වග දැනගන්නා මොහොතේ ගිරිමේඛල නම් පුදුම වන වග කුමරු දැන උන්නේය. ගිරිමේඛල ආයෙමත් අනෙක් පස හැරුණාය. කුමරුගේ අතක් ගෙන තමා වටේට වෙළා ගත්තාය.

“මට කවදාවත් බැරිවෙයි අමතක කරන්ඩ...”

ගිරිමේඛල අඩවන් වූ දෑසින් කෙඳිරුවාය. නිදිඛර හඬ තුළ තිබුණේ අමුතුම අලංකාරයකි, ශෘංගාරයකි.

“මොකක්ද?”

“ඒ මොහොත... ඒ විල... මේ රෑ... ඔයා.... මම මළත් දවසක ඔය විල ගාවට එනවා උඹ හොයාන. ඉන්ඩ ඇහැකිද මම එනකන්?" ගිරිමේඛල නිදිමතේම කෙඳිරුවාය.

“මේ ලෝකෙ ඕනෙ දිය තොටක උඹ එනකන් බලන් ඉන්න ලෑස්තියි මම.....” කුමාරයාද යාන්තන් කෙඳිරිගෑවේය.

ISBN
9786246178215
පිටු ගණන (Pages)
231
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ගිරිමේඛල

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.