Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / සන්දේශ යවලා බෑ කපුටන්ට ගොඩ එන්න

සන්දේශ යවලා බෑ කපුටන්ට ගොඩ එන්න

About this book

කවිය කියන්නෙ මොන වගේ වාස්තවික හැඩයක් ගන්න එකක් ද කියල 

හොයනවට වඩා කවියේ රසිකයෙකු හැටියට මං වදවෙන්නේ එයින්

කවරාකාර හර්ද කම්පාවක් ඇති කරනවාද කියන කාරණාව. භූ කම්පාවන්

මනින්නේ රික්ටර් මාපාංකය තිබුණට හර්ද කම්පාවන් මනින්න එවන් නිර්මිත 

නිර්ණායක තියෙනවද? අපට එහෙම හිතෙන්නේ කවිය, කවියාගේ ප්‍රකාශයෙන්

බැහැර වුණාම, එය හුදෙක්ම පුද්ගලානබද්ධ විඳීමක් වන නිසා.

 

හිතේ කෝමල සියුමැලි හැඟුම් පිරිමදින කවි වගේම, ඒ හිතේම රළු,

ගොරහැඩි, අඳුරු අහුමුළු ඉවක කරන කවිත් අපට හමුවෙනවා. අප කියවා

රස විඳිනවා. අපට අනුව සුජීව කියන්නේ මේ දෙවනාකාරයේ කවි භාවිතාවක

ඉන්න කවියෙක්. සුජීවගේ කවි තාණ්ඩවයි. ඒ කවිවල නුසුන් යටි අරුත්

එක්ක ගීතවත් ධ්වනි අරුත් සමෝසමේට මුහු කරලා කවි කරන විලාසය තමයි සුජීවගෙ අපූරුව.

ඒ තාණ්ඩව කවි අස ඉහළ නගින  හර්ද කම්පාවන් මනින්න බැරි වීමම තමයි මේ කවිවල අගය.

- අසංක රුවන් සාගර

ISBN
9789556565713
පිටු ගණන (Pages)
92
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සන්දේශ යවලා බෑ කපුටන්ට ගොඩ එන්න

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.