සන්දේශ යවලා බෑ කපුටන්ට ගොඩ එන්න
කවිය කියන්නෙ මොන වගේ වාස්තවික හැඩයක් ගන්න එකක් ද කියල
හොයනවට වඩා කවියේ රසිකයෙකු හැටියට මං වදවෙන්නේ එයින්
කවරාකාර හර්ද කම්පාවක් ඇති කරනවාද කියන කාරණාව. භූ කම්පාවන්
මනින්නේ රික්ටර් මාපාංකය තිබුණට හර්ද කම්පාවන් මනින්න එවන් නිර්මිත
නිර්ණායක තියෙනවද? අපට එහෙම හිතෙන්නේ කවිය, කවියාගේ ප්‍රකාශයෙන්
බැහැර වුණාම, එය හුදෙක්ම පුද්ගලානබද්ධ විඳීමක් වන නිසා.
හිතේ කෝමල සියුමැලි හැඟුම් පිරිමදින කවි වගේම, ඒ හිතේම රළු,
ගොරහැඩි, අඳුරු අහුමුළු ඉවක කරන කවිත් අපට හමුවෙනවා. අප කියවා
රස විඳිනවා. අපට අනුව සුජීව කියන්නේ මේ දෙවනාකාරයේ කවි භාවිතාවක
ඉන්න කවියෙක්. සුජීවගේ කවි තාණ්ඩවයි. ඒ කවිවල නුසුන් යටි අරුත්
එක්ක ගීතවත් ධ්වනි අරුත් සමෝසමේට මුහු කරලා කවි කරන විලාසය තමයි සුජීවගෙ අපූරුව.
ඒ තාණ්ඩව කවි අස ඉහළ නගින හර්ද කම්පාවන් මනින්න බැරි වීමම තමයි මේ කවිවල අගය.
- අසංක රුවන් සාගර
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.