Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ජීවිතයෙන් මාස හයක්

ජීවිතයෙන් මාස හයක්

ප්‍රකාශක (Publisher): මියුසස් පොත් - Muses Books
About this book

''ඔයාගෙ උරහිසට ඔළුව තියාගත්තාම දන්නෙම නැතිව නින්ද ගියා.'' සෙව්වන්දි කීවාය.

සිසිල පහව ගොස් ඇති බීම වීදුරුවෙන් දෙතොල් තෙමාගෙන තත්පර ගණනක් මදෙස බලා සිටින ඇය, ''අපි දෙන්නට බය වෙන්න කිසි දෙයක් නැහැ නේද? ''යනුවෙන් ඇසුවේ මා කිසි දිනක නොදුටු දුකක් මුහුණට මවා ගනිමිනි. දුක, සන්තාපය ඇගේ මුහුණට ගැළපෙන හැඟීම් නොවේ. යම් හෙයකින් නිහාරා සොයා ගියෝතින් මා අසල සිටින සුන්දරියගේ මුහුණ අවලස්සන වනු නියතය. සිත කඩා වැටෙනු ස්ථිරය.

''බය වෙන්න කිසි දෙයක් කැහැ. හැම දෙයක්ම හොඳට සිද්ධ වෙනවා.'' මම පිළිතුරු දුන්නෙමි.

''ඇයි ඔයා මාව බඳින්නෙ? ''ඇය ඇසුවාය.

ඒ ප්‍රශ්නයට දිය හැකි පැහැදිලි හා සාධාරණ පිළිතුර, ''මම ඔයාට ආදරේ හින්දා'' යැයි කීම වුණත්, මම නොපුරුදු පිළිතුරක් සෙව්වෙමි.මෙතෙක් සවන් දුන් ගීතයක වදනක් මතකයට නඟාගන්නට උත්සහ කළෙමි. එවැන්නක් හමුනොවුණු තැන සිතට පැමිණි අදහස් ගොන්නක් මෙසේ වදන්ගත කරන්නට මට හැකි විණ.

''මම ඔයාව බඳින්නේ මගේ ජීවිතේට ඔයාව ඕනෑ හින්දා නෙමෙයි. ඔයා නැතිව මට ජීවත්වෙන්න බැරි හින්දා. ඒක, ඌ මට ගහනවා, මට ඌ ගහනවා වගේ කතාවක් නේද? විවාහයයි, මරණයයි කියන්නෙ ඒක හා සමාන දෙයක්. හරියට බැලුවොත් මේ දෙකම ජීවිතටෙ ලැබෙන්නේ එක වතාවයි. ඒක් සමහර වාසනාවන්තයෝ විවාහයෙන් පස්සේ කීප වතාවක්ම ඉපදෙනවා. මට හිතෙන්නේ මමත් ඒ වගේ වාසනාවන්තයෙක් වෙයි.'' මම කීමි. ''මේ ජීවිතේ කෙටියි. ඒත් අපි දෙන්නා එක් වුණාට පස්සේ අපිට පුළුවන් දිගු ජීවිතයක් ගතකරන්න''

Details
ISBN
9786245579426
පිටු ගණන (Pages)
410
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
  1. Fantastic plot
    This book took an entire day of my busy life. I could not stop reading it until the end. I think i missed two meals and lot of other house work. Yet anothrr fantastic book, story and writing stlye by the author
    Thanuja ·
Write a review

You're reviewing: ජීවිතයෙන් මාස හයක්

Reviews are published once a member of our team has read them.