ප්‍රණයිනි

Special Price රු. 180.00 Regular Price රු. 200.00
In stock
SKU
pranayini-troy-mahamohottala-santhawa

කවියට, කවියාගේ බාල වැඩිමහලු කමත්, ඔහුගේ උස් මිටි කමත් අදාළ නැත. එමෙන් ම ඔහු දැන හඳුනා සිටිමත් ඕනෑ නැත. වැදගත් වන්නේ කවිය පමණ ය. පරම වන්නේ කවියම ය.

ට්‍රෝයි මහමොහොට්ටාලගේ "ප්‍රණයිනි" හි පරිණත වන කවියක කළල - බිජුවට සංචිතව ඇති බැව් ද, සතත අභ්‍යාසයත් ව්‍යුත්පත්තියත් විසින් ඔහුගේ පරිණතිය සිදු කෙරෙනු ඇති බැව් ද අකුටිලව සඳහන් කළ යුතුය.

ශෘංගාරය මුඛ්‍ය රසය කොට සලකන මුත් ට්‍රෝයිගේ කවි මානව සෞන්දර්යයෙන් නොමිදුණු, අපුරු කාව්යෝක්තීන්ගෙන් ද සැරසී තිබේ.

 

සයුරු රළට රළ ගේන ගැහැණියක්

සයුරු වෙරළ බිඳ දමන ගැහැණියක්

සයුරු පෙණ මතින් වෙරළ පිරෙන සද

කිංකිණි සිනහව ගෙනෙන ගැහැණියක්

 

ට්‍රෝයිගේ කැපී පෙනෙන ලකුණ වන්නේ ඔහුගේ ස්වාධීනත්වයයි. ඔහු රැක ගත යුත්තේ ද එයයි.

පිණිකැට හිස මත වැටී

වීදුරු කැට බිදුනී

කුම්බස්තලය පිරිමැදපන්

මගෙ ඇතිනී

Author ට්‍රෝයි මහමොහොට්ටාල - Troy Mahamohottala (1)
Publisher සන්ථව ප්‍රකාශන Santhawa Prakashana (96)
More Information
ISBN 9789550980345
පිටු ගණන 83
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ප්‍රණයිනි
Back to Top