Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / ප්‍රණයිනි

ප්‍රණයිනි

ප්‍රකාශක (Publisher): සන්ථව ප්‍රකාශන Santhawa Prakashana
ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

කවියට, කවියාගේ බාල වැඩිමහලු කමත්, ඔහුගේ උස් මිටි කමත් අදාළ නැත. එමෙන් ම ඔහු දැන හඳුනා සිටිමත් ඕනෑ නැත. වැදගත් වන්නේ කවිය පමණ ය. පරම වන්නේ කවියම ය.

ට්‍රෝයි මහමොහොට්ටාලගේ "ප්‍රණයිනි" හි පරිණත වන කවියක කළල - බිජුවට සංචිතව ඇති බැව් ද, සතත අභ්‍යාසයත් ව්‍යුත්පත්තියත් විසින් ඔහුගේ පරිණතිය සිදු කෙරෙනු ඇති බැව් ද අකුටිලව සඳහන් කළ යුතුය.

ශෘංගාරය මුඛ්‍ය රසය කොට සලකන මුත් ට්‍රෝයිගේ කවි මානව සෞන්දර්යයෙන් නොමිදුණු, අපුරු කාව්යෝක්තීන්ගෙන් ද සැරසී තිබේ.

 

සයුරු රළට රළ ගේන ගැහැණියක්

සයුරු වෙරළ බිඳ දමන ගැහැණියක්

සයුරු පෙණ මතින් වෙරළ පිරෙන සද

කිංකිණි සිනහව ගෙනෙන ගැහැණියක්

 

ට්‍රෝයිගේ කැපී පෙනෙන ලකුණ වන්නේ ඔහුගේ ස්වාධීනත්වයයි. ඔහු රැක ගත යුත්තේ ද එයයි.

පිණිකැට හිස මත වැටී

වීදුරු කැට බිදුනී

කුම්බස්තලය පිරිමැදපන්

මගෙ ඇතිනී

ISBN
9789550980345
පිටු ගණන (Pages)
83
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ප්‍රණයිනි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.