රමණිය සිංහලේ
'' අපේ අතීතය අපේ අභිමානයයි''
our past is our pride
මගේ පණනළ තිබුණේ ඒ වදන් මාලාවේ ය. මම සතුටින් හුස්ම ගතිමි.
ඇත්තෙන්ම අතීතය යනු කුමක්ද? තේරුම් ගන්නට වෙහෙස වීමි. මට දැනුනේ මෙසේ ය. මියගිය මාගේ දෙමාපිය දෙදෙනා හා ඔවුන් ඉතිරි කොට ගිය සියල්ල මගේ ආසන්න ම අතීතය ය. උරුමය ය. එයිනුත් එහාට සීයා, මුත්තා, මී මුත්තා, කිත්තා, කිරිකිත්තා, නත්තා, පනත්තා හත්මුතු පරම්පරාව ය. ඒ තවත් ඈතින් ඈතට ගිය විට ජාතිය ය. ජාතියත් ජාතිය සතුව තිබූ සියල්ලත් එකතු වූ තැන ද අතීතය ය. අතීත උරුමය ය. එයට හැමෝම කළ කී දෙය ඉතිරි කොට ගිය දෙය, වත්පිළිවෙත්, චාරිත්‍ර වාරිත්‍ර, සංස්කෘතිය සියල්ලම ඇතුළත් ය. ජාතියක් වශයෙන් ඔබ අප හමුවන තැන එතැන ය. එතැන සියල්ල ජාතිය සතු ය. ඒ අපේ අතීතය ය.
මා රමණිය සිංහලේ ලියා අවසන් වෙද්දිම our past is our pride රුවන් වැකිය සිතට ආයේ ය. '' අපේ අතීතය අපේ අභිමානයයි, අපේ ආඩම්බරය යි.'' මම කියමි.
එයට විකල්ප නැත.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.